ප්‍රාණ ඇපකරුවන් මිනී පෙට්ටි තුළ ආපසු පැමිණේවි – හමාස් සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

ගාසා තීරයේ දී ප්‍රාණ ඇපකරුවන් හයදෙනෙකු හමස් සංවිධානය විසින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ජාතියෙන් සමාව අයැද සිටියා.

එම ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් නෙතන්යාහු අග්‍රාමාත්‍යවරයා මෙලෙස සමාව අයැද සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හමාස් සංවිධානය විසින් සිදුකළ ප්‍රාණ ඇපකරුවන් හය දෙනාගේ ඝාතනයත් සමඟ ටෙල් අවිව් ඇතුළු ඊශ්‍රායලයේ නගර රැසක ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට එරෙහිව දැවැන්ත විරෝධතා ආරම්භ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ විරෝධතා දෙවන රාත්‍රියට පිවිසීමත් සමඟ බෙන්ජමින් නෙතන්යාහු ජාතියෙන් සමව ඉල්ලා සිටි බවයි.

මාස 11කට ආසන්න කාලයකින් හමාස් ප්‍රාණ ඇපයේ සිටි ප්‍රාණ ඇපකරුවන් හයදෙනා ආපසු නිවසට ගෙන ඒමට නෙතන්යාහු අග්‍රාමාත්‍යවරයා අපොහොසත් වීම සම්බන්ධයෙන් කෝපය ප්‍රකාශ කිරීමට ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් විසින් කැඳවන ලද විරෝධතාවල දී ඊශ්‍රායල ජාතිකයන් දහ දහස් ගණනක් ඊයේ දිනයේ දී වීථි බැස සිටියා.

මේ අතර ඊයේ ඊශ්‍රායලයේ විශාලතම වෘත්තීය සමිතිය කියා සිටියේ ගාසා සටන් විරාමයකට සහ හමාස් සමඟ ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමේ ගිවිසුමකට එකඟවන ලෙස රජයට බලපෑම් කිරීම සඳහා කැඳවූ මහා වැඩ වර්ජනයකට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එක් වූ බවයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 07 වන දින හමාස් සංවිධානය විසින් පැහැරගත් ප්‍රාණ ඇපකරුවන් 97 දෙනෙකු පිළිබඳව තවමත් තොරතුරු ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලයේ හමුදා පීඩනය දිගටම පැවතුනහොත් ප්‍රාණ ඇපකරුවන් “මිනී පෙට්ටි තුළ” ආපසු ලබා දෙන බව හමාස් සංවිධානය ඊයේ දිනයේ අනතුරු ඇඟවීමක් ද කර සිටියා.

ඊශ්‍රායල හමුදා විසින් ඔවුන් වෙත ළඟා වුවහොත් ප්‍රාණ ඇපකරුවන් ආරක්ෂා කරන සටන්කාමීන්ට ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව නව උපදෙස් ලබා දී ඇති බව ද හමාස් සංවිධානය පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38
Video thumbnail
සජිත්ට මිනිස්සුන්ගෙන් ලැබුණු ආදරය - කට්ටිය බදාගයි..වීරවිල චෛත්‍යයකට මුල් ගල් තැබීමට ගිය සජිත්
03:22
Video thumbnail
වී මිල මදියි කියලා ලාල් කාන්තම පිළිගනී
07:47
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ලාල් කාන්තගේ අතින් ඇරඹේ
01:08
Video thumbnail
ලක්ෂ 10ක් විතර වියදම් කළා - මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ
03:48
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09