ප්‍රමිතීන්ට අනුකූල නොවන ප්ලාස්ටික් බෝතල් සහ ළදරු කිරි බෝතල් සොයා දිවයින පුරා වැටලීම්

දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද විශේෂ විමර්ශන වැඩසටහනක දී නීතිමය ප්‍රමිතීන්ට අනුකූල නොවන ප්ලාස්ටික් බෝතල් සහ ළදරු කිරි බෝතල් 1,400කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

පසුගිය සතිය තුළ සිදුකළ මෙම මෙහෙයුමේ දී පරීක්ෂා කිරීම් 144ක් සිදුකර ඇති අතර, එහිදී නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් සම්බන්ධ වැටලීම් 96ක් සහ ළදරු කිරි බෝතල් සම්බන්ධ වැටලීම් 48ක් ඇතුළත්.

2025.10.01 දිනැති අංක 2456/42 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති විධාන අංක 96 මඟින් මෙම භාණ්ඩ සම්බන්ධ අවශ්‍යතා නියම කර ඇති අතර, එම විධානය 2026 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වනවා.

එහිදී ප්ලාස්ටික් බෝතල් සඳහා SLS 1616 ප්‍රමිතිය ද, පොලිමර් ද්‍රව්‍යවලින් නිෂ්පාදිත ළදරු කිරි බෝතල් සඳහා SLS 1306 ප්‍රමිතිය ද අදාළ බවයි එම අධිකාරිය සඳහන් කළේ.

මේ අතර සැකකටයුතු භාණ්ඩ පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඇමතීමට පහසුකම් සලසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා රාජපක්ෂ යුගයේ තිබුණු මුරණ්ඩුකම අද JVP ආණ්ඩුවේ තියෙන්නේ
03:49
Video thumbnail
මානව හිමිකම් වෙනුවෙන් සිදුකරන මෙහෙවරට "දසත News " රන් සම්මානයෙන් පිදුම් ලබයි
07:32
Video thumbnail
නීතිය අකුරටම පිළිපදින ගැරඬියෙක්
00:34
Video thumbnail
සජිත් ආණ්ඩුවට කළ යෝජනාව - රට අවදානමට ලක් නොවන වැදගත් ආදේශකයන් අවශ්‍යයි
08:50
Video thumbnail
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සම්මානයෙන් පිදුම් ලබයි..
00:28
Video thumbnail
ලංකාවේ මිනිස්සු මේ වගේ චිත්‍රපට කවදාවත් බලලා නෑ
04:23
Video thumbnail
අධිකරණය පැලවත්තට හැරෙනවා - කරුමය ගෙවන්න වෙන්නේ ජනතාවට..අපිට පුළුවන් උපරිමය අපි කළා
01:30
Video thumbnail
ජනපති එනවා කියලා ලයිසන් තුවක්කු පොලිසියට බාරදෙන්න කියලා - මේක මහ විහිළුවක්
02:00
Video thumbnail
මරික්කාර්ගේ අභද්‍ර වචනය ගැන කළබල වෙන්න ඕනි නෑ - අපිට විපක්ෂ නායක ගැන විශ්වාසයි
03:40
Video thumbnail
"ඉතිහාසයේ කවදාවත් නොවුණු පුදුමාකාර දෙයක් වෙලා තියෙන්නේ"
00:22