ප්‍රමාද ගාස්තු ඩොලර් 18,000ක්,දැවිතෙල් නැව දින 50 ක්  වරායේ

දැවිතෙල් නැව කොළඹ වරායට සේන්දු වූයේ ඉකුත් අප්‍රේල් 26 වැනිදායි.මෙට්‍රික්‌ ටොන් 40,000 ක් අඩංගු නෞකාව නිදහස් කර නොගෙන අදට (15) දින 50 ක් ගතවනවා.

දැවිතෙල් නෞකාව නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් නොමැතිවීම නිසා එය වරායේ නැංගූරම්ලා තිබෙන එක් දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් 18,000 ක් ගෙවිය යුතු වනවා.

මෙරට විදුලිබලාගාර හයකට අවශ්‍ය දැවිතෙල් ලබාදීමට හැකියාව තිබූ අතර එසේ නොකර ලීටරයක් රුපියල් 400 බැගින් වන ඩීසල් මෙට්‍රික්‌ ටොන් 1500 ක් යුගදනවි බලාගාරයට නිකුත් කිරීම නිසා විදුලිබල මණ්ඩලය ලබන පාඩුවටද එය අනිසි ලෙස බලපා තිබේ.

දැවිතෙල් මෙට්‍රික්‌ ටොන් 30,000 නිදහස් කරගන්නේ නම් යුගදනවි, සපුගස්කන්ද 1 සහ 2, කොළොන්නාව, මතුගම හා වරායේ පාවෙන බාච් බලාගාරය සඳහා දැවිතෙල් නිකුත් කළ හැකිව තිබූ බව ද තෙල් සංස්ථාව කියා සිටී. නමුත් ඒ තීන්දුව නොගැනීම නිසා ප්‍රවාහන කටයුතු සඳහා තිබූ ඩීසල් මෙට්‍රික්‌ ටොන් 1500 ක් යුගදනවි බලාගාරයට නිකුත් කිරීමට සිදුවූ බව ද සංස්ථා උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?