ප්‍රමාද ගාස්තු ඩොලර් 18,000ක්,දැවිතෙල් නැව දින 50 ක්  වරායේ

දැවිතෙල් නැව කොළඹ වරායට සේන්දු වූයේ ඉකුත් අප්‍රේල් 26 වැනිදායි.මෙට්‍රික්‌ ටොන් 40,000 ක් අඩංගු නෞකාව නිදහස් කර නොගෙන අදට (15) දින 50 ක් ගතවනවා.

දැවිතෙල් නෞකාව නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් නොමැතිවීම නිසා එය වරායේ නැංගූරම්ලා තිබෙන එක් දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් 18,000 ක් ගෙවිය යුතු වනවා.

මෙරට විදුලිබලාගාර හයකට අවශ්‍ය දැවිතෙල් ලබාදීමට හැකියාව තිබූ අතර එසේ නොකර ලීටරයක් රුපියල් 400 බැගින් වන ඩීසල් මෙට්‍රික්‌ ටොන් 1500 ක් යුගදනවි බලාගාරයට නිකුත් කිරීම නිසා විදුලිබල මණ්ඩලය ලබන පාඩුවටද එය අනිසි ලෙස බලපා තිබේ.

දැවිතෙල් මෙට්‍රික්‌ ටොන් 30,000 නිදහස් කරගන්නේ නම් යුගදනවි, සපුගස්කන්ද 1 සහ 2, කොළොන්නාව, මතුගම හා වරායේ පාවෙන බාච් බලාගාරය සඳහා දැවිතෙල් නිකුත් කළ හැකිව තිබූ බව ද තෙල් සංස්ථාව කියා සිටී. නමුත් ඒ තීන්දුව නොගැනීම නිසා ප්‍රවාහන කටයුතු සඳහා තිබූ ඩීසල් මෙට්‍රික්‌ ටොන් 1500 ක් යුගදනවි බලාගාරයට නිකුත් කිරීමට සිදුවූ බව ද සංස්ථා උසස් නිලධාරියෙක් සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40