spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රදේශ රැසකින් වාර්තා වූ මාරක රිය අනතුරු

බදුල්ල වෙන්කලඩි ප්‍රධාන මාර්ගයේ රූගම පාසල ඉදිරිපිටදී මහඹය දෙස සිට කරදියනාරු දෙසට ධාවනය චු යතුරු පැදියක්‌ පැදිකරුට පාලනය කරගත නොහැකිව පෙරලි ගොස්‌ මාර්ගය අසල කොන්ක්‍රීට්‌ කණුවක ගැටී අනතුරක්‌ සිදුවු අනතුරින්‌ පැදිකරු බරපතල තුවාල ලබා කරදියනාරු රෝහලට ඇතුලත්‌ කිරිමෙන්‌ පසුව මියගොස්‌ ඇත.

වයස අවුරුදු 55 ක්‌ වන එරාවුර්‌ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මිය ගොස් තිබෙනවා.

මේ අතර වයස අවුරුදු 62 ක්‌ වන බ්‍රාහ්මනගම, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියෙක් හොරණ ප්‍රධාන මාර්ගයේ පොදුජන මාවත අසලදී කොට්ටාව දෙස සිට හොරණ දෙසට ධාවනය වු ත්‍රීරෝද රථයක්‌ මාර්ගය හරහා මාරුවෙමින්‌ සිටි පදික කාන්තාවකගේ ගැටී අනතුරක්‌ සිදූව ඇත. අනතුරින්‌ තුවාල ලැබූ පදික කාන්තාව හෝමාගම රෝහලට
ඇතුලත්‌ කිරිමෙන්‌ පසුව මියගොස්‌ ඇත.

අඹන්පොල පාදෙණිය ප්‍රධාන මාර්ගයේ අඹන්පොල නගරයට ආසන්නයේදී ගල්ගමුව දෙස සිට අඹන්පොල දෙසට ධාවනය වු පා පැදියක්‌ මාර්ගයේ දකුණු දෙසට හැරවීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින්‌ පැමිණි වෑන්‌ රථයක ගැටී සිදුවු අනතුරෙන් පාපැදිකරු බරපතල තුවාල ලබා අඹන්පොල රෝහලට ඇතුලත්‌ කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුලත්‌ කිරිමෙන්‌ පසුව මියගොස්‌ තිබෙනවා

මියගොස් ඇත්තේ වයස අවුරුදු 69 ක්‌ වන අමුණුගම, අඹන්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

රත්මලාන ප්‍රදේශයේදී මාතර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ බස්‌ රථයක ගමන්‌ කළ මඟියෙකු බස්‌ රථයෙන්‌ බිමට ඇද වැටී කළුබෝවිල රෝහලට ඇතුලත්‌ කිරිමේදී මියගොස්‌ ඇත.මරණකරු වයස අවුරුදු 53 ක්‌ වන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?