ප්‍රදේශ රැසකට නායයාමේ අනතුරු ඇගවීම්

පවතින කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 07ක් සඳහා අද (4) පස්වරුවේ සිට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ කොළඹ, ගාල්ල, හම්බන්තොට, කලුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික් සඳහායි.

එම දිස්ත්‍රික්ක සඳහා අද පස්වරු 4.30සිට සිට හෙට පස්වරු 4.30 දක්වා පැය 24ක කාලයක් සඳහා එම අනතුරු ඇඟවීම බලත්මකයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, අගලවත්ත, වලල්ලාවිට, මතුගම, බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගෙ කෝරලය, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, දැරණියගල, දෙහිඹ්විට, කෑගල්ල, යටියන්තොට, මාතර දිස්ත්‍රික්කයේ කොටපොල, පිටබැද්දර, මුලටියන, අතුරලිය, හක්මන, වැලිපිටිය, අකුරැස්ස, මාතර, වැලිගම, කිරින්ද පුහුල්වැල්ල, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන, කිරිඇල්ල, අයගම, පැල්මඩුල්ල, නිවිතිගල, ඇලපාත, ඇහැළියගොඩ, කොලොන්න, ඉඹුල්පෙ, ඕපනායක, කහවත්ත, ගොඩකවෙල සහ කුරුවිට, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල යන ප්‍රදේශවල ජීවත්වන ජනතාව අවධානයෙන් පසුවිය යුතු වනවා.

ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ මෙම දිස්ත්‍රික්කවල වර්ෂාව තවදුරටත් පවතී නම් නායයාම, බෑවුම් කඩාවැටීම, ගල්පෙරළීම, පස්කන්ඩි කඩා වැටීම සහ පොළොව ගිලා බැසීම පිළිබඳ විමසිලිමත් වන ලෙසටයි.

මේ අතර පවතින දැඩි වර්ෂාපතනය හමුවේ නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල ජීවත් වන ජනතාවට අවධානයෙන් පසුවන ලෙසට දැනුම්දී තිබෙනවා.

මේ වන විට නිල්වලා ගඟ පිටාර ගැලීමේ මට්ටමකයි පවතින්නේ.

එමෙන්ම තවදුරටත් වැසි ඇති වුවහොත් ගංවතුර තත්ත්වයක් ද ඇති විය හැකි බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38