පළාත් රැසකට අද රාත්‍රියේ වැස්ස වැඩිවෙයි – ප්‍රදේශ රැසකටත් ගංවතුර අවදානම්

බස්නාහිර, සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) රාත්‍රියේ විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

සෙසු පළාත්වලට වැසිවාර කිහිපයක් අද (14) රාත්‍රියේ අත්විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර දිවයින පුරා පැයට කිලෝමීටර් 40-45 අතර තද සුළං ඇතිවිය හැකි බව ද දැනුම් දෙනවා.

මේ අතර පවතින අධික වර්ෂාවත් සමඟ ගිං ගඟ ආශ්‍රිත පහත් බිම්වලට සැළකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

ඒ, අනුව බද්දේගම, නියාගම, නෙළුව, තවලම සහ නාගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට අයත් ගිං ගඟ නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 03 සිට පැය 24ක් දක්වා වු කාලය තුළ එම ගංවතුර තත්ත්වය ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.

මේ අතර නිල්වලා ගංගා ද්‍රෝණියට අයත් පහත් බිම් ප්‍රදේශ වන කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ මාතර සහ දෙව්නුවර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශවල සැළකිය යුතු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව මීට පෙර දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
5
+1
4
+1
7
+1
5
+1
2
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?