පළාත් රැසකට අද රාත්‍රියේ වැස්ස වැඩිවෙයි – ප්‍රදේශ රැසකටත් ගංවතුර අවදානම්

බස්නාහිර, සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) රාත්‍රියේ විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

සෙසු පළාත්වලට වැසිවාර කිහිපයක් අද (14) රාත්‍රියේ අත්විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර දිවයින පුරා පැයට කිලෝමීටර් 40-45 අතර තද සුළං ඇතිවිය හැකි බව ද දැනුම් දෙනවා.

මේ අතර පවතින අධික වර්ෂාවත් සමඟ ගිං ගඟ ආශ්‍රිත පහත් බිම්වලට සැළකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

ඒ, අනුව බද්දේගම, නියාගම, නෙළුව, තවලම සහ නාගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට අයත් ගිං ගඟ නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 03 සිට පැය 24ක් දක්වා වු කාලය තුළ එම ගංවතුර තත්ත්වය ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.

මේ අතර නිල්වලා ගංගා ද්‍රෝණියට අයත් පහත් බිම් ප්‍රදේශ වන කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ මාතර සහ දෙව්නුවර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශවල සැළකිය යුතු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව මීට පෙර දැනුම් දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37