පළාත් පාලන ඡන්දයේ ප්‍රචාරක කටයුතු බොහෝ දුරට සාමකාමී – පැෆරල් සංවිධානය

පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු මේ වන විට (16) බොහෝ දුරට සාමකාමී ආකාරයෙන් පැවැත්වෙන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ මෙම මැතිවරණය සඳහා අපේක්ෂකයින් 71,000කට අධික සංඛ්‍යාවක් තරග කරන මුත් පොලිසියට ලැබී ඇත්තේ 200කට ආසන්න පැමිණිලි ප්‍රමාණයක් බවයි.

කෙසේ වෙතත් මෙම පැමිණිල්ළි අතර ප්‍රචණ්ඩකාරී සිද්ධීන් 13ක් වන බවත්, දැරණියගල ප්‍රදේශයේ අපේක්ෂකයෙකුට පහරදීමේ සිද්ධියක් ද ඊට ඇතුළත් බවත්, ඊට අදාළ ව එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් හෙතෙම පැවසුවා.

මැතිවරණ සම්බන්ධ පැමිණිලි සම්බන්ධයෙන් පොලිසිය අපේක්ෂකයින් 15 දෙනෙකු සහ පක්ෂ ආධාරකරුවන් 52 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව ද රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියා.

මැයි 6 වන දින පැවැත්වෙන මැතිවරණයට පෙර සාමකාමී ප්‍රචාරක කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමටත් ඔහු අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13