මීගමුව, දළුපොත, පල්ලන්සේන බන්ධනාගාරයේ අද (07) පෙරවරුවේ සිට හටගත් නොසන්සුන්තාවය මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මේ වන විට ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය ආරක්ෂක අංශ වල මැදිහත්වීමෙන් සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවයි.













