spot_imgspot_img

පරෙවි දූපත නැරඹීමට යළි අවස්ථාව

ත්‍රිකුණාමල වරාය සහ නිලාවේලි පරෙවි දූපත නැරඹීමේ සහ මුහුදු සංචාර යළි ආරම්භ කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා.

ඊයේ (19) දිනයේ සිට නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ වූ බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ.

ඒ, අනුව දෙස් විදෙස් සංචාරකයින්, පාසල් ළමුන්, නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙම අවස්ථාව උදාකර දී තිබෙනවා.

මේ සමඟ ත්‍රිකුණාමලය ස්වභාවික වරාය, නිලාවේලි පරෙවි දුපතේ කොරල්පර අසිරිය නැරඹීම සඳහා අවශ්‍ය මුහුදු ගමන් පහසුකම්, ආරක්ෂිතව සහ සහනදායි මිලකට සලසා ගැනීමේ අවස්ථාව උදාවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?