spot_imgspot_img

පරිසරය ආරක්ෂා කිරීමට ජනතා සහයෝගය ලබා ගන්න – පරිසර ඇමැතිගෙන් උපදෙස්

පරිසර සංවේදී කලාප හා ස්ථාන හඳුනාගෙන මහජනතාව ඒ පිළිබඳ දැනුවත් භාවයට ලක් කරමින් එම ස්ථාන ආරක්ෂා කිරිමට මහජනතාවගේ සහයෝගය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය නසීර් අහමඩ් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

පරිසරය ආරක්ෂා කිරිමේ ක්‍රියා මාර්ග කඩිනම්න් ගත යුතු ආකාරය පිළිබඳ මහජනතාව දැනුවත් කිරිමට කටයුතු කළ යුතු බවයි අමාත්‍යරවයා පෙන්වා දුන්නේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පරිසර අමාත්‍යාංශ නිලධාරින් සමග පරිසර අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී යි.

මේ සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහයෝගය ලබා ගත යුතු අතර මේ සම්බන්ධව පරිසර සංවේදී පිරිසක් නිර්මාණය කිරීමට දිස්ත්‍රික් කාර්යාලවල නිලධාරින්ගේ ද සහය ඇතිව නව වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ප්ලාස්ට්ක් හා පොලීතීන් භාවිතයෙන් සිදුවන පරිසර හානිය අවම කිරිමටත් ඒ සම්බන්ධ ආදේශකයන් භාවිතා කිරිමට මහජනතාව දැනුවත් කළ යුතු බවයි ඔහු කියාසිටියේ.

පොලිතීන් භාවිතයේ දී එක් වරක් පමණක් භාවිතවන පොලිතීන් සම්බන්ධය විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් ,ඒ සඳහා කඩිනමින් ක්‍රියා මාර්ග ගත යුතු බවටත් අමාත්‍යවරයා සියලු නිලධාරින් උපදෙස් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?