පයිලට්ගේ ගමන් බෑගයත් රැගෙන ගුවන්තොටුපොළෙන් පැන්න කත ගෙදරටම ගිහින් අල්ලයි

ගුවන් නියමුවරයෙකුගේ ගමන් බෑගය සොරාගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පලා ගිය කාන්තාවක් ගුවන් තොටුපොළ පොලිසිය විසින් අද (29) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු කාන්තාව වයස අවුරුදු 45ක වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවයි වාර්තා වුණේ.

මෙම කාන්තාව අද උදෑසන 08.38ට අබුඩාබි නුවර සිට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි- 392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව සියලුම ගුවන් මගීන් ගුවන් යානයෙන් බැස ගිය පසු ගුවන් නියමුවා ඇතුළු කාර්යය මණ්ඩලය ගුවන් යානයෙන් පිටතට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

පසුව ඔවුන් ගුවන් තොටුපොළ නිශ්කාශන කටයුතු නිමාකර සිය ගමන් මළු රැගෙන ගුවන් තොටුපොළෙන් පිටතට යාමට සූදානම් වනවිට ගුවන් නියමුවාගේ ගමන් බෑගය නොමැති බව අනාවරණය වී තිබෙනවා.

පසුව ඒ පිළිබඳ ඉටිහාඩ් ගුවන් සේවයේ කළමනාකාරවරිය දැනුවත් කිරීමෙන් පසු, ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ගේ ද සහාය ඇතිව ආරක්ෂිත කැමරා පද්ධතිය නිරීක්ෂණය කර ඇති බව සඳහන්.

එහිදී මෙම ගුවන් යානයෙන් පළමුවෙන්ම බැස ගත් කාන්තාවක්, ගුවන් නියමුවාගේ ගමන් බෑගය ද රැගෙන වහා ගුවන් තොටුපොළ වෙනත් ස්ථානයකට ගොස් එම ගමන් බෑගය ඇය සිය බඩු බාහිරාදිය රැගෙන යන ට්‍රොලි කරත්තය තුළ සඟවා ගන්නා ආකාරය නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ,අනුව වැඩිදුරටත් එම කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීමේ දී , ඇය ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණ, ත්‍රිරෝද රථයක නැගී පිටත්ව යන ආකාරය ද එහි සටහන්ව තිබෙනවා.

අනතුරුව එම ත්‍රිරෝද රථය හඳුනාගන්නා ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් මේ පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ පොලිසියට දන්වා ත්‍රිරෝද රථයේ රියැදුරුවරයා සොයාගෙන ඇති බව සඳහන්.

පසුව ඔහුගේ තොරතුරු මත වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ පිහිටි එම කාන්තාවගේ නිවෙස වෙත ගොස් ගුවන් නියමුවාගේ ගමන් බෑගය ද සමඟ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය සොරාගත් ගමන් බෑගය ද සමඟ අද දිනයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14