spot_imgspot_img

පන්සලට හොරු පනී

පානදුර ඓතිහාසික ගල්ගොඩ ශ්‍රී මහා විහාරයට අද අළුයම් කාලයේ සොරුන් පිරිසක් ඇතුල්වී ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කල බව පානදුර දකුණ පොලිසිය පවසනවා.

නායක හිමියන් විසින් කල පැමිණිල්ලක් අනුවයි මෙලෙස පරීක්ෂණ ආරම්භ වී ඇත්තේ.

විහාරාධිපති හිමියන්ගේ කුටියේ තිබූ පරිත්‍යාග මුදල් රුපියල් පනස් දහසක් පමණ, සාමනේර හිමිනමකගේ කුටියක තිබූ පිංකැට වලින් එකතු කළ රුපියල් පහලොස් දහසකට ආසන්න මුදලක් මෙන්ම දාන ශාලාව පිටුපස තිබූ ගෑස් සිලින්ඩරයක්ද සොරකම් කර ඇති බවට පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

විහාරාධිපති හිමියන් වැඩසිටින කුටියට පැමිණි එක් සැකකරුවෙකු උන් වහන්සේ දැක පලාගොස් ඇතැයි ද සඳහන්.

සමනේර හිමි නමකගේ කුටියක තිබූ අඩියකට වැඩි දිගකින් යුත් පළතුරු කැපීමට යොදාගන්නා පිහියක් විහාරාධිපති හිමියන්ගේ කාමරයේ දමාගොස් තිබී පොලිසිය සොයාගෙන තිබෙනවා.

පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණා නිලධාරීන් මෙන්ම පොලිස් නිලළ සුනඛයන්ද ගෙන්වා පරීක්ෂණ සිදු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?