පන්සලට හොරු පනී

පානදුර ඓතිහාසික ගල්ගොඩ ශ්‍රී මහා විහාරයට අද අළුයම් කාලයේ සොරුන් පිරිසක් ඇතුල්වී ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කල බව පානදුර දකුණ පොලිසිය පවසනවා.

නායක හිමියන් විසින් කල පැමිණිල්ලක් අනුවයි මෙලෙස පරීක්ෂණ ආරම්භ වී ඇත්තේ.

විහාරාධිපති හිමියන්ගේ කුටියේ තිබූ පරිත්‍යාග මුදල් රුපියල් පනස් දහසක් පමණ, සාමනේර හිමිනමකගේ කුටියක තිබූ පිංකැට වලින් එකතු කළ රුපියල් පහලොස් දහසකට ආසන්න මුදලක් මෙන්ම දාන ශාලාව පිටුපස තිබූ ගෑස් සිලින්ඩරයක්ද සොරකම් කර ඇති බවට පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

විහාරාධිපති හිමියන් වැඩසිටින කුටියට පැමිණි එක් සැකකරුවෙකු උන් වහන්සේ දැක පලාගොස් ඇතැයි ද සඳහන්.

සමනේර හිමි නමකගේ කුටියක තිබූ අඩියකට වැඩි දිගකින් යුත් පළතුරු කැපීමට යොදාගන්නා පිහියක් විහාරාධිපති හිමියන්ගේ කාමරයේ දමාගොස් තිබී පොලිසිය සොයාගෙන තිබෙනවා.

පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණා නිලධාරීන් මෙන්ම පොලිස් නිලළ සුනඛයන්ද ගෙන්වා පරීක්ෂණ සිදු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32