පන්දුව අතින් ඇල්ලූ මුෂ්ෆීකර්ව විනිසුරු ක්‍රීඩාගාරයට යවයි

පන්දුව ස්පර්ශ කිරීමේ වරදට හසුව දැවී ගිය පළමු බංග්ලාදේශය ක්‍රීඩකයා බවට පත්වීමට මැදපෙළ පිතිකරු මුෂ්ෆීකර් රහීම්ට අද සිදු වුණා.

මුෂ්ෆීකර් රහීම්ට මෙලෙස අවාසනාවන්ත ලෙස දැවී ගියේ මේ වනවිට මීර්පූර් හිදී නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දීයි.

බංග්ලාදේශ පළමු ඉනිමේ දී පන්දු 85කට මුහුණ දී ලකුණු 35ක් රැස්කරගෙන සිටිය දී පන්දුව ස්පර්ශ කිරීමේ වරදට හසුව ඔහු දැවීගිය ක්‍රීඩකයෙක් බවට පත් වුණා.

නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක කයිල් ජේමිසන් යොමුකළ පන්දුවක් පිත්තේ වැදීමෙන් පසු තණතිරුවේ වැදී කඩුල්ල ආසන්නයේ මදක් ඉහළ ගිය විට රහීම් එම පන්දුව අතින් වෙනත් දිශාවකට යොමුකළ අතර එහිදී ඔහු දැවී ගිය පිතිකරුවක් ලෙස විනිසුරුවරයා සංඥාකර සිටියා.

ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසය තුළ පන්දුව අතින් ස්පර්ශ කිරීමෙන් දැවී ගිය 11 වන අවස්ථාව ලෙසට මුෂිෆිකර්ගේ මෙම දැවීයාම ඉතිහාසයට එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
34
+1
3
+1
180
+1
6
+1
3
+1
8
+1
13
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැද පෙරදිග යුද්දය අස්සේ සංජීව මහින්ද ගැන කළ ප්‍රබල හෙළිදරව්ව..මේක පුදුම විකාර ලෝකයක්නේ
05:40
Video thumbnail
දැන් කිසිම පෝලිමක් නෑ - කවුරුත් කලබල වෙන්න එපා
05:06
Video thumbnail
තෙල් නැවක් ගෙනාවත් මදිනේ..මිනිස්සු දවසට දෙපාර තුන්පාර එනවා..ඉන්ධන පොම්පකරුවන් මැසිවිලි නගයි
01:40
Video thumbnail
හයිවේ එකේ යන වාහනවලට ගල්වලින් ගහනවා - මානසික ලෙඩක් ද
00:46
Video thumbnail
මුජිබුර් ආණ්ඩුව කටඋත්තර නැතිවෙන්නම අමතයි
11:46
Video thumbnail
"අභියෝග කරනවා ගබඩාවල තෙල් නෑ" ඉන්ධන ගැන ආනන්ද පාලිතගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:11
Video thumbnail
සජිත් විපක්ෂයේ ප්‍රබලයෝ එක්ක හදිසි සාකච්ඡාවක
02:37
Video thumbnail
යතුරුපැදියක් තෙල් ෆුල් ටෑන්ක් කරගෙන එද්දි මහ පාරෙම ගිනිබත් වෙයි
01:08
Video thumbnail
අපිට ළිං වලින් තෙල් ගන්න බෑනේ - මේකට මුහුණදෙන්න වෙනවා
16:47
Video thumbnail
ශ්‍රී පාද රක්ෂිතයේ හදිසියේම ඇතිවූ ලැව් ගින්න..දෙවියනේ..විශාල ප්‍රදේශයක් ගිනිබත්වෙලා
01:26