spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පන්දුව අතින් ඇල්ලූ මුෂ්ෆීකර්ව විනිසුරු ක්‍රීඩාගාරයට යවයි

පන්දුව ස්පර්ශ කිරීමේ වරදට හසුව දැවී ගිය පළමු බංග්ලාදේශය ක්‍රීඩකයා බවට පත්වීමට මැදපෙළ පිතිකරු මුෂ්ෆීකර් රහීම්ට අද සිදු වුණා.

මුෂ්ෆීකර් රහීම්ට මෙලෙස අවාසනාවන්ත ලෙස දැවී ගියේ මේ වනවිට මීර්පූර් හිදී නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දීයි.

බංග්ලාදේශ පළමු ඉනිමේ දී පන්දු 85කට මුහුණ දී ලකුණු 35ක් රැස්කරගෙන සිටිය දී පන්දුව ස්පර්ශ කිරීමේ වරදට හසුව ඔහු දැවීගිය ක්‍රීඩකයෙක් බවට පත් වුණා.

නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක කයිල් ජේමිසන් යොමුකළ පන්දුවක් පිත්තේ වැදීමෙන් පසු තණතිරුවේ වැදී කඩුල්ල ආසන්නයේ මදක් ඉහළ ගිය විට රහීම් එම පන්දුව අතින් වෙනත් දිශාවකට යොමුකළ අතර එහිදී ඔහු දැවී ගිය පිතිකරුවක් ලෙස විනිසුරුවරයා සංඥාකර සිටියා.

ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසය තුළ පන්දුව අතින් ස්පර්ශ කිරීමෙන් දැවී ගිය 11 වන අවස්ථාව ලෙසට මුෂිෆිකර්ගේ මෙම දැවීයාම ඉතිහාසයට එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
34
+1
3
+1
180
+1
6
+1
3
+1
8
+1
13
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?