පන්තියට එන දරුවන්ගේ අම්මලා සමඟ කොටු පැන්න ගුරුවරයෙක් මාට්ටු

දඹුල්ල, ඩාටුගම ප්‍රදේශයේ ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරයෙකු සිය නිවසේදී වෙනත් විවාහක කාන්තාවක් සමඟ පවත්වාගෙන ගිය බව කියන අනියම් සම්බන්ධතාවක් සම්බන්ධයෙන් අදාළ විවාහක කාන්තාවකගේ සැමියා විසින් පොලිසියට සිදු කළ පැමිණිල්ලක් මත පොලිසිය විසින් අදාළ නිවස පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එම අවස්ථාවේදී නිවසේ ගුරුවරයා සහ එම කාන්තාව සිට ඇති අතර අදාළ කාන්තාවගේ සැමියා විසින් උපකාරක පංති ගුරුවරයා වෙත සිය දරු තිදෙනා සමඟ සිය බිරිඳ භාරදීම සිදුකොට තිබෙනවා.

ඒ අනුව, සිද්ධියට සම්බන්ධ ගුරුවරයා සිය අනියම් බිරිද සහ දරු දෙදෙනා රැගෙන එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගුරුවරයා තම බිරිද සහ දරුවන් නිවසින් බැහැරව වී සිටින අවස්ථාවන්වලදී උපකාරක පංති පැමිණෙන දරුවන්ගේ මව්වරුන් සමග මෙලෙස සම්බන්ධතා පවත්වා ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.