පණ පිටින් ඉද්දිම මරණ දැන්වීම් ගහලා – නාරාහේන්පිට ගිහිගත් අමුතු සිදුවීම

තමා මියගිය බව සඳහන් ව්‍යාජ මරණ දැන්වීමක් තම කාර්යාල දැන්වීම් පුවරුවේ සහ කාර්යාලයේ විවිධ ස්ථානවල ප්‍රදර්ශනය කර ඇතැයි කියමින් කොළඹ රජයේ කාර්යාලයක ඉහළ නිලධාරියකු නාරාහේන්පිට පොලිසියට ඊයේ (13 වැනිදා) පැමිණිල්ලක් කර තිබෙනවා.තමාගේ හැඳුනුම්පතේ සඳහන් විස්තර උපයෝගි කරගනිමින් මෙම ව්‍යාජ මරණ දැන්වීම සකස් කර ඇති බව කියමින් මෙම පැමිණිල්ල කර ඇත්තේ, නාරාහේන්පිට රජයේ කාර්යාලයක සහකාර අධ්‍යක්ෂවරයකු විසින් බව ද නාරාහේන්පිට පොලිසිය පවසනවා.‍

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති සහකාර අධ්‍යක්ෂවරයා පදිංචි දොම්පේ පොලිස් වසමේ පිහිටි නිවෙසට පසුගිය ජනවාරි මාසයේ දිනක රාත්‍රී කාලයේ මැර කණ්ඩායමක් කඩාවැදී අලාභහානි සිදු කර තිබූ බව ද ඔහුගේ පැමිණිල්ලේ සඳහන්. එම මැර කණ්ඩායම මල්වඩමක් ද නිවස ඉදිරිපිට තබා ගොස් තිබුණ බව ද මේ සම්බන්ධයෙන් එම වකවානුවේ තමා දොම්පේ පොලිසියට පැමිණිල්ලක් කළ බව ද සහකාර අධ්‍යක්ෂවරයාගේ පැමිණිල්ලේ සඳහන් කර ඇත. නාරාහේන්පිට පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00