Empty Ad
AFC Banner
AFC Banner

පකිස්ථානයේ GSP+ සහනය  යුරෝපා සංගමය නැවත තක්සේරු කරයි ද ?

පකිස්ථානය 2014 සිට යුරෝපා සංගමයේ GSP+ සහන තත්ත්වය භුක්ති විඳිමින් සිටිනවා.

මෙම යෝජනා ක්‍රමයේ පරමාර්ථය වන්නේ අඩු ආදායම්ලාභී රටවල ඔවුන්ගේ අපනයන සඳහා වරණීය තීරුබදු ලබාදීමෙන් තිරසාර සංවර්ධනය සහ ගෝලීය ආර්ථික ඒකාබද්ධතාව ඉහළ නැංවීමයි.

නිෂ්පාදන තීරුබදු වලින් 66% ක් මත ආනයන බදු නොමැතිව යුරෝපා සංගමය වෙත භාණ්ඩ අපනයනය කිරීමට පකිස්ථානය මෙය භාවිත කර ඇතත්, GSP+ තත්ත්වය යනු නොමිලේ හිමිවන්නක් නොවේ.

එමගින්  මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, ආරක්ෂාව සහ යහපාලනය ,පාරිසරික ඇතුළු කරුණු  කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර සම්මුතීන් 27 ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම අදාළ රටින් ඉල්ලා සිටිනවා.

යුරෝපා සංගමයේ වෙළඳ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ ප්‍රතිලාභී ජාතීන් තුළ වැඩිදියුණු කිරීම් දිරිගැන්වීමේ පියවරක් ලෙසයි.

යුරෝපා සංගමය පකිස්ථානයේ විශාලතම අපනයන සහකරුයි.

පකිස්ථානයේ GSP+ තත්ත්වය ආරම්භයේ සිටම යුරෝපා සංගමයට කරන ලද අපනයන අඛණ්ඩව ඉහළ ගොස් ඇති අතර එය යුරෝපා සංගමයේ බාහිර භාණ්ඩ වෙළඳාමෙන් 0.3%කට ආසන්නයි.

කෙසේ වෙතත්, 2023 දෙසැම්බරයට ළං වන විට, පකිස්ථානයේ GSP+ තත්ත්වය සම්බන්ධ තීරණාත්මක අවධියක් වනු ඇති බවටයි මත පළ වන්නේ.

පාකිස්ථානයේ මෑත කාලීන දේශපාලන නැගිටීම් යුරෝපා සංගමයේ තීව්‍ර පරීක්ෂාවට ලක් වීමට නියමිතයි.

දේව අපහාස නීති, ආගමික නොඉවසීම, ගෞරවනීය ඝාතන සහ වැඩවසම් ක්‍රමය තුළ පැතිරී යන සූරාකෑම සම්බන්ධ ප්‍රශ්න පකිස්ථානයේ වත්මන් දේශපාලන කැලඹීම මගින් උග්‍ර කර තිබෙනවා.

මානව හිමිකම් කඩකිරීම්, වාරණ, ආගමික අන්තවාදය, සුළු ජාතීන් මර්දනය කිරීම සහ දේශපාලන දඩයම් කිරීම වැනි දෑ නූතන පකිස්ථානයේ ලක්ෂණයක් බවට පත්ව අවසන්.

ගැටලුව වන්නේ යුරෝපා සංගමයේ වටිනාකම් ආරක්ෂා කිරීම පමණක් නොවේ; එය ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, ඉවසීම සහ මානව හිමිකම් පිළිබඳ මූලික ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට අපොහොසත් වන රටවලට මනාප තත්ත්වය පිරිනැමීමේ ප්‍රතිවිපාක ගැනයි.

මෙම තීරණාත්මක කාලයේදී, යුරෝපා සංගමය විසින් පකිස්ථානයේ GSP+ තත්ත්වය නැවත තක්සේරු කිරීම හුදෙක් විකල්පයක් නොව එය ක්‍රියාව සඳහා  හදිසි ඇමතුමක් බව විචාරක මතයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා වේදිකාවේ එහෙම කිව්වට අපි වැඩ කරන්නේ මෙහෙමයි - නියෝජ්‍ය ඇමති රටට කියයි
23:59
Video thumbnail
අගමැති සුපර් මාකට් යද්දී ඇමති වසන්ත පාරේ කඩවල්වලට යයි
01:31
Video thumbnail
බෙහෙත් හිඟය නැති වෙන්නේ 2026 - බාල බෙහෙත් කියලා දෙයක් නෑ - ඇමති නලින්දට රතු එළි
06:27
Video thumbnail
තාත්තගේ කටට මු#ත්‍රා කරන අජාසත්ත පුතා මෙන්න
10:45
Video thumbnail
රටේ ව්‍යාපාරිකයන්ට සුබ පණිවිඩයක්
14:11
Video thumbnail
ප්‍රියා සූරියසේනගේ දේහයගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේ සිට ජයරත්න මල් ශාලාව වෙත රැගෙන යෑම
01:59
Video thumbnail
ස්වාභාවික හානි අවම වෙන්න අපි කළ යුතුම දේ මෙන්න
03:30
Video thumbnail
ජනාධිපතිගෙන් සුබ පණිවිඩයක් - නව වසරේ පොත් ගන්න රු.6000ක් ලැබෙන අය මෙන්න
04:04
Video thumbnail
20වෙනිදා අත්සන් කරපු ගිවිසුම ගැන ආණ්ඩුවෙන් විශේෂ ප්‍රකාශයක්
11:52
Video thumbnail
මහ මග අඬමින් ජනපතිගෙන් සරණක් පතන සොල්දාදුවා #anurakumaradissanayake
04:19

?