පකිස්ථානයේ GSP+ සහනය  යුරෝපා සංගමය නැවත තක්සේරු කරයි ද ?

පකිස්ථානය 2014 සිට යුරෝපා සංගමයේ GSP+ සහන තත්ත්වය භුක්ති විඳිමින් සිටිනවා.

මෙම යෝජනා ක්‍රමයේ පරමාර්ථය වන්නේ අඩු ආදායම්ලාභී රටවල ඔවුන්ගේ අපනයන සඳහා වරණීය තීරුබදු ලබාදීමෙන් තිරසාර සංවර්ධනය සහ ගෝලීය ආර්ථික ඒකාබද්ධතාව ඉහළ නැංවීමයි.

නිෂ්පාදන තීරුබදු වලින් 66% ක් මත ආනයන බදු නොමැතිව යුරෝපා සංගමය වෙත භාණ්ඩ අපනයනය කිරීමට පකිස්ථානය මෙය භාවිත කර ඇතත්, GSP+ තත්ත්වය යනු නොමිලේ හිමිවන්නක් නොවේ.

එමගින්  මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, ආරක්ෂාව සහ යහපාලනය ,පාරිසරික ඇතුළු කරුණු  කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර සම්මුතීන් 27 ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම අදාළ රටින් ඉල්ලා සිටිනවා.

යුරෝපා සංගමයේ වෙළඳ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ ප්‍රතිලාභී ජාතීන් තුළ වැඩිදියුණු කිරීම් දිරිගැන්වීමේ පියවරක් ලෙසයි.

යුරෝපා සංගමය පකිස්ථානයේ විශාලතම අපනයන සහකරුයි.

පකිස්ථානයේ GSP+ තත්ත්වය ආරම්භයේ සිටම යුරෝපා සංගමයට කරන ලද අපනයන අඛණ්ඩව ඉහළ ගොස් ඇති අතර එය යුරෝපා සංගමයේ බාහිර භාණ්ඩ වෙළඳාමෙන් 0.3%කට ආසන්නයි.

කෙසේ වෙතත්, 2023 දෙසැම්බරයට ළං වන විට, පකිස්ථානයේ GSP+ තත්ත්වය සම්බන්ධ තීරණාත්මක අවධියක් වනු ඇති බවටයි මත පළ වන්නේ.

පාකිස්ථානයේ මෑත කාලීන දේශපාලන නැගිටීම් යුරෝපා සංගමයේ තීව්‍ර පරීක්ෂාවට ලක් වීමට නියමිතයි.

දේව අපහාස නීති, ආගමික නොඉවසීම, ගෞරවනීය ඝාතන සහ වැඩවසම් ක්‍රමය තුළ පැතිරී යන සූරාකෑම සම්බන්ධ ප්‍රශ්න පකිස්ථානයේ වත්මන් දේශපාලන කැලඹීම මගින් උග්‍ර කර තිබෙනවා.

මානව හිමිකම් කඩකිරීම්, වාරණ, ආගමික අන්තවාදය, සුළු ජාතීන් මර්දනය කිරීම සහ දේශපාලන දඩයම් කිරීම වැනි දෑ නූතන පකිස්ථානයේ ලක්ෂණයක් බවට පත්ව අවසන්.

ගැටලුව වන්නේ යුරෝපා සංගමයේ වටිනාකම් ආරක්ෂා කිරීම පමණක් නොවේ; එය ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, ඉවසීම සහ මානව හිමිකම් පිළිබඳ මූලික ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට අපොහොසත් වන රටවලට මනාප තත්ත්වය පිරිනැමීමේ ප්‍රතිවිපාක ගැනයි.

මෙම තීරණාත්මක කාලයේදී, යුරෝපා සංගමය විසින් පකිස්ථානයේ GSP+ තත්ත්වය නැවත තක්සේරු කිරීම හුදෙක් විකල්පයක් නොව එය ක්‍රියාව සඳහා  හදිසි ඇමතුමක් බව විචාරක මතයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38
Video thumbnail
හෝටලයක දී අත්අඩංගුවට ගත් චීන්නූ 06 දෙනා රිමාන්ඩ්..මෙයාලා සෙට් එකද හැකර්ලා ?
02:05
Video thumbnail
"හිතනවද මහින්දට අත තියන්න දෙයි කියලා"..හිටපු ජනපති මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක කට අරියි
07:49