නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවන ලෙස මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
එමෙන්ම ගංගා, ගංගා ඉවුරු, පාලම් සහ පහත් බිම් ආශ්‍රිතව ගමන් කිරීමෙන් වළකින ලෙසත්, එරට ප්‍රාදේශීය බලධාරීන්, ආරක්ෂක අංශ සහ සංචාරක පොලිසිය විසින් නිකුත් කරනු ලබන සියලුම උපදෙස් සහ ආරක්ෂක මාර්ගෝපදේශ පිළිපදින ලෙසත් එම නිවේදනයේ සඳහන්.
ආධාර, පහසුකම් හෝ සම්බන්ධීකරණය සඳහා කත්මණ්ඩු හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වහාම සම්බන්ධ කර ගන්නා ලෙසත් එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී තිබෙනවා.
එමෙන්ම, +9779851048653 යන හදිසි දුරකථන අංකය ඔස්සේ පැය 24 පුරාවට සම්බන්ධ වී සහය ලබා ගත හැකි බවත් දැනුම් දී තිබෙනවා.













