කිලිනොච්චිය පොලිස් වසමේ අරවියල් නගර් ප්‍රදේශයේ දී ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ දුම්රියක් ආරක්ෂක ගේට්ටුවක් නොමැති දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය වූ කාර් රථයක ගැටී ඊයේ (26) දින උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් කාර් රථයේ ගමන් කල අවුරුදු 17 ක් වූ දැරියක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
අනතුරින් කාර් රථයේ ගමන් කල තවත් අවුරුදු 09 හා 16 වයසවල පසුවන ඉහත ලිපිනයේ පදිංචි තවත් දැරියක් හා දරුවෙකු ප්‍රථිකාර සඳහා කිලිනොච්චිය රෝහල වෙත ඇතුලත් කර ඇති අතර ඔවුන් එකම පවුලේ සහෝදර සහෝදරියන් බවයි පොලිසිය පවසන්නේ.
මෙම අනතුරින් කාර් රථය පැදවූ පියාට සහ එහි ගමන් කල මවට අනතුරක් සිදුව නැහැ.
කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













