තලෛයිමන්නාම පොලිස් වසමේ දුම්රිය පෙදෙසේ දී ඊයේ (26) උදෑසන තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් කාන්තාවක් මියගොස් ඇති බවට තලෛයිමන්නාරම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
එහිදී අනවරණය වී ඇත්තේ මරණකාරිය වයස අවුරුදු 27 ක් වූ තලෛයිමන්නාරම ප්රදේශයේ පදිංචිකාරියක් බවයි.
පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මරණකාරියගේ පුරුෂයා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
වයස අවුරුදු 32ක් වන සැකකාර පුරුෂයා අත්අඩංගුවට ගෙන ඇති අතර තලෛයිමන්නාරම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













