නේපාලයට රික්ටර් මාපක 6.1ක භූ කම්පනයක්

නේපාලයේ අද (28) අලුයම 2.51කට පමණ රික්ටර් මාපක 6.1ක භූ කම්පනයක් ඇති ව තිබෙනවා.

NDTV මාධ්‍ය වාර්තා කළේ ජාතික භූමිකම්පා නිරීක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානය එහි වෙබ් අඩවියේ සඳහන් කළේ සින්දුපල්චෞක් දිස්ත්‍රික්කයේ භයිරව්කුන්ඩා හි මෙය හටගත් බවයි.

හිමාලයානු කලාපයට අයත් මෙම දිස්ත්‍රික්කයට බලපෑ භූ කම්පාව නැගෙනහිර සහ මධ්‍යම ප්‍රදේශවල ජනතාවට එය තදින් දැනී තිබෙනවා.

ජාතික භූමිකම්පා නිරීක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානය එහි වෙබ් අඩවියේ සඳහන් කළේ (දේශීය වේලාවෙන්) අලුයම 2:51 ට පමණ අපිකේන්ද්‍රය සින්දුපල්චව්ක් දිස්ත්‍රික්කයේ භයිරව්කුන්ඩා හි පිහිටා ඇති බවයි.

ඉන්දියාවේ සහ ටිබෙටයේ, චීනයේ මායිම් ප්‍රදේශවල ද මෙම තත්ත්වය දැනී ඇති බවයි පැවසෙන්නේ.

පුද්ගල ජීවිත හානි ගැන මෙතෙක් වාර්තා වී නොමැති අතර ඒ පිළිබඳව තවමත් පරීක්ෂණය සිදු කෙරෙමින් පවතින බව ද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38