නේපාලයට ඩොලර් මිලියනයක මානුෂීය ආධාරයක් දෙන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

නේපාල රජය වෙත ඇමරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් සිදු කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා රජය විසින් නේපාල රජය වෙත මානුෂීය ආධාර වශයෙන් මෙම මුදල පරිත්‍යාග කිරීමටයි තීරණය කර ඇත්තේ.

2026-08-26 දින, උතුරු නේපාලයේ රඝුවා දිස්ත්‍රික්කයේ ඇති වූ විනාශකාරී හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදු වූ ආපදා තත්ත්වය මත මෙම මානුෂීය ආධාරය පරිත්‍යාග කිරීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාළ යෝජනාව ජනාධිපතිවරයා විසිනුයි අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්