මේ දිනවල නුවරඑළිය ප්‍රදේශයේ අධික ලෙස ඝණ මීදුම් තත්ත්වයක් පවති.
මේ හේතුවෙන් එම ප්‍රදේශයේ රියදුරන්ට ප්‍රවේශම්කාරීව වාහන ධාවනයේදී කටයුතු කරන ලෙස නුවරඑළිය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටි.
නුවරඑළිය නගර සීමාව , හාවාඑළිය බොරලන්ද උඩපුස්සැල්ලාව ප්‍රධාන මාර්ගය , නානුඔය තලවා කැලේ හැටන් ප්‍රධාන මාර්ගය , නානුඔය රැදැල්ල කෙටි මාර්ගය , නුවරඑළි මේ පිළිමාන පට්ටිපොළ ලෝකාන්තය පිවිසුම් මාර්ගයන්හි මෙම ඝන මීදුම් තත්ත්වය ඇති බැවින් ඉතාමත්ම අඩු වේගයකින් හා සැලකිලිමත්ව වාහන ධාවනය කිරීමට කටයුතු කරන ලෙසද නුවරඑළිය පොලිසිය රියදුරන්ට දන්වා සිටියි.













