spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නීති විරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙක් අතුරුදන් (ඡායාරූප)

කිලිනොච්චිය පුදුඅයියන්කුලම ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසළ නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීම සඳහා ගිය පොලිස් කොස්තාපල්වරයකු අතුරුදහන්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ ඇළ ආසන්නයේ සිදුකෙරෙන මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසිය වෙත ලැබුණු තොරතුරක් මත අද පස්වරුවේ එම ප්‍රදේශයේ වැටලීමක් සඳහා ගිය පොලිස් කොස්තාපල්වරයකු මෙලෙස අතුරුදහන්ව ඇති බවයි.

ඔහු කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන අංශයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙක්.

පොලිසිය පැවසුවේ වැටලීම සිදුකරන අවස්ථාවේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි සැකකරුවන් ඇළට පැන පිහිනා ගොස් ඇති බවයි.

ඒ සමඟම මෙම අතුරුදන්වූ කොස්තාපල්වරයා සමඟ තවත් දෙදෙනකු සැකකරුවන් අල්ලා ගැනීමට පසුපස පිහිනා ගිය අවස්ථාවේ කොස්තාපල්වරයා අතුරුදහන්ව තිබෙනවා.

ඔහු අතුරුදහන් වූ ඇළේ සහ කැළෑ ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් මේ වන විට ආරම්භ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කොස්තාපල්වරයා ඇළෙහි ගිලී ඇති බවට සැකයක් පවතින ඇළෙහි පවතින මඩ හේතුවෙන් සොයාගැනීම දුෂ්කර වී ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

කිලිනොච්චිය යුද හමුදාව, පොලිස් ජීවිතාරක්ෂක ඒකකය, පොලිස් නිල සුනඛ කොට්ඨාසය, කිලිනොච්චිය පොලිසිය සහ ප්‍රදේශවාසීන් අතුරුදහන්වූ කොස්තාපල්වරයා සොයා සෝදිසි මෙහෙයුම්වල නිරත වනවා.

4
2 1
3 2
5
1 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
2
+1
13
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?