නීති විරෝධී ධීවර කටයුතු සිදු කළ 03ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව, පුල්මුඩේ කෝකිලායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ‍ලෙස වාණිජ පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ කිලෝග්‍රෑම් එකසිය පහක පමණ මසුන් තොගයක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

නාවික හමුදාව සඳහන් කළේ ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ අඛණ්ඩව සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් ශ්‍රී ලංකාවට ආසන්න අවට මුහුදු කලාපයේ මත්ස්‍ය සම්පත නුදුරු දිනක හීන වී යාමේ අවධානමකට ලක්වීම මැඩපැවැත්වීම සඳහා මෙලෙස මෙහෙයුම් සිදු කරන බවයි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 24 ත් 42 ත් අතර වයසේ පසුවන කුච්චවේලි ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබෙනවා.

එම සැකකරුවන් තිදෙනා සමඟ ඩිංගි යාත්‍රාව, මසුන් තොගය සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමටයි කටයුතු කර ඈත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාද්දුව වාහන සේවා මධ්‍යස්ථානයක දෙපිරිසක් අතර දැඩි උණුසුමක්.."මේක මගේ ගම..මම මේකෙ මන්ත්‍රී කෙනෙක්"
02:22
Video thumbnail
අපි NPP එක පරාජය කළා..මට හරිම සන්තෝසයි..රත්නපුර ම.නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි
11:36
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි.."මුන්ට බැනලත් බෑ නොබැනත් බෑ"
05:02
Video thumbnail
ආණ්ඩුවේ අය ආපදාව විහිළුවට අරගෙන..ජනතාව අදටත් කඳවුරුවල..මේ අහිංසක ජනතාව ගම්වලට යවන්න
04:53
Video thumbnail
සජිත් කියන විදිහට ආර්ථිකය වට්ටන්න ඉඩක් නෑ..පුළුවන් විදිහට ආණ්ඩුවේ වගකීම අපි ගන්නවා
01:54
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20
Video thumbnail
හැම ත්‍රීවීල් එකකම තිබ්බේ මාලිමාව දිනවමු කියලා..දැන් දිනෙව්වා හරිනේ..සමහරුන්ගේ මොළේ කිසිම දෙයක් නෑ
06:44
Video thumbnail
සමන්ත තමුන් අබින් කාලද ඉන්නේ..ඔය හිල වැහුවම ගලවන් යනවනේ
02:10
Video thumbnail
මේ වෙනස කරන්නේ ඒකාධිපති ක්‍රමවේදයකට..විශ්වවිද්‍යාල පනතක් නිසා සජිත් කුපිතවෙයි..
05:37


?