නීති විරෝධීව පුද්ගලයන් රැගෙන එන අයට එරෙහිව දැඩි නීති – එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහතිකයක්

නීති විරෝධී ක්‍රම ඔස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පුද්ගලයන් ගෙන්වන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් අමාත්‍ය ආචාර්ය Abdulrahman Abdulmannan Al Awar මහතා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික වී තිබෙනවා.

රැකියා සඳහා සංචාරක වීසා මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණෙන ශ්‍රී ලංකික ශ්‍රමිකයන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කරුණු පැහැදිළි කරනු ලැබුවා.

සංචාරක වීසා හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට නොයෙක් දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුව ඇති බවත්, සංචාරක වීසා මගින් එලෙස රැකියා සඳහා පැමිණීම වැළැක්වීමට ජනතාව දැනුවත් කිරීම පිණිස ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පිළිබඳවත් මනුෂ නානායක්කාර අමාත්‍යවරයා එහි දී කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ වර්ධනය වන රැකියා වෙළඳපොළ තුළ ශ්‍රී ලාංකිකයන්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් දෙන ලෙසටත්, පුහුණු සහ වෘත්තීය ශ්‍රමිකයන්ට වැඩි අවස්ථා ලබාදීම සඳහා ලංකාවේ පුහුණු සුදුසුකම්වලට පිළිගැනීමක් ලබාදෙන ලෙසටත් අමාත්‍ය මනුෂ නානායක්කාර කළ ඉල්ලීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් අමාත්‍ය ආචාර්ය Abdulrahman Abdulmannan Al Awar මහතාගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමිවී තිබෙනවා.

පුහුණු හා වෘත්තීමය සුදුසුකම් ඇති ශ්‍රමිකයන්ට රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබාගැනීමට ලංකාවේ පුහුණු සුදුසුකම්වලට අවශ්‍ය පිළිගැනීමක් සුදුසුකම් සමාන කිරීමේ වැඩපිළිවෙලක් (Qualification Equalization) හරහා ලබාදීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට තාක්ෂණික කමිටු මට්ටමින් සාකච්ඡා පවත්වා, අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට මෙහිදී දෙපාර්ශවයේ එකඟතාවය පළවුනා.

මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ වර්ධනයක් ඇතිවී තිබෙන බවත්, 2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ පැමිණිම 27% කින් ඉහළ ගොස් තිබෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රමිකයන්ගේ රැකියාවක් අහිමි වුවහොත් ඔවුන්ගේ වැටුපෙන් 60% මුදලක් මාස තුනක කාලයකට ලබාදීම පිණිස හඳුන්වාදී ඇති රක්ෂණය සම්බන්ධයෙන් අමාත්‍ය ආචාර්ය Abdulrahman Abdulmannan Al Awar පැහැදිළි කළා.

ඒ අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ රැකියාවක් අහිමි වුවහොත් ඔවුන්ට එයින් ප්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව හිමි වන බවයි සඳහන් කළේ.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැකියාවල නිරත ශ්‍රමිකයන්ට ඇතිවන ගැටලු ඉදිරිපත් කිරීමට භාෂා විස්සකින් ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

ශ්‍රමිකයෙක් බඳවා ගැනීමේ දී අය කරනු ලබන ගාස්තු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කළ අතර විවිධ බඳවා ගැනීම් ආයතන විවිධ ගාස්තු අය කිරීම් පිළිබඳ සාකච්ඡා කළ අතර, ඒ අනුව බඳවා ගැනීමේ ගාස්තු නියාමනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමටත්, තාක්ෂණික කමිටු මට්ටමේ සාකච්ඡාවලදී ඒ සම්බන්ධයෙන් වන තීරණ ගැනීමටත් මෙහිදී එකඟතාව පළ කෙරුණා.

පසුගිය කාලයේදී ලංකාවේ ආර්ථිකය බරපතල අර්බුදයකට ලක්ව තිබූ බවත්, මේ වන විට එම අර්බුද ක්‍රමිකව විසඳා ගනිමින් සිටින බවත් මනුෂ නානායක්කාර අමාත්‍යවරයා සඳහන් කළ අතර ඒ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ලැබෙන සහයෝගය ද අගය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39