spot_imgspot_img
spot_img

නීති විරෝධීව ග්‍රීස් නිෂ්පාදනය කළ ආයතනයක් වටලයි (වීඩියෝ)

රජයේ අනුමැතියකින් තොරව මහා පරිමාණයෙන් ග්‍රීස් නිෂ්පාදනය කළ කොටිකාවත්ත කොහිලවත්ත ප්‍රදේශයේ ආයතනයක් වටලා නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කර තිබෙනවා.

ලැබුණු පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදු කෙරුණු අතර වසර 20ක පමණ කාලයක සිට මෙම ආයතනය තුළ නියමිත ගිවිසුම් සහ බලපත්‍ර නොමැතිව ග්‍රීස් නිෂ්පාදනය කරගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුගිය අප්‍රේල් මස 12 වනදා පාරිභෝගික අධිකාරිය මගින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පනත අනුව වලංගු ගිවිසුමක් නොමැතිව ග්‍රීස් වර්ග සහ ලිහිසි තෙල් නිෂ්පාදනය මෙන්ම අලෙවිය ශ්‍රී ලංකාව තුල තහනම් වන අතර දැනට ලියාපදිංචි ගිවිසුම් ගත පුද්ගලයන්ට පමණක් එම කටයුතු සිදු කිරීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව මෙලෙස තත්වයෙන් බාල ග්‍රීස් නිෂ්පාදනය කළ ආයතනයට එරෙහිව නඩු පැවරීමටත් එම ග්‍රීස් තොග අධිකරණයට ඉදිරිපත් කිරීමටත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?