ත්‍රස්තවාදය මර්දනයට බ්‍රික්ස් රටවල් එකතු විය යුතුයි – ඉන්දීය අගමැති මෝදි

ගෝලීය වශයෙන් මතුවන ආරක්ෂක අභියෝග සහ තාක්ෂණික වෙනස්වීම් හමුවේ බ්‍රික්ස් සාමාජික රටවල් අතර සබඳතා තවදුරටත් පුළුල් කළ යුතු බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කරනවා.

නවදිල්ලි නුවර පැවැත්වෙන බ්‍රික්ස් රටවල ජාතික ආරක්ෂක උපදේශකවරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන්ගේ සමුළුවට සහභාගි වූ නියෝජිතයන් සමඟ අඟහරුවාදා පැවැති විශේෂ හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ප්‍රධාන ගෝලීය ආරක්ෂක ගැටලු විසඳීම සඳහා බ්‍රික්ස් සංවිධානයට විශාල කාර්යභාරයක් පැවරී ඇති බව පෙන්වා දුන් මෝදි , විශේෂයෙන්ම ත්‍රස්තවාදය, සයිබර් ආරක්ෂණය සහ නැඟී එන නවීන තාක්ෂණයන් ආශ්‍රිතව මතුවන තර්ජන මැඩපැවැත්වීම සඳහා සාමාජික රටවල් වඩාත් සමීපව කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වනවා.

එමෙන්ම, ඉදිරියේදී පැවැත්වීමට නියමිත බ්‍රික්ස් හි සභාපතිත්වය ඉන්දියාව විසින් භාරගැනීමට නියමිත අතර, එහිදී නවදිල්ලිය මූලික වශයෙන් අවධානය යොමු කරන ප්‍රමුඛතා පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළා.

ඉන්දීය සභාපතිත්වය යටතේ සාමාජික රටවල් අතර ප්‍රායෝගික සහයෝගීතාව වර්ධනය කිරීමටත්, ‘ග්ලෝබල් සවුත්’ හෙවත් නැඟී එන සංවර්ධනය වෙමින් පවතින රටවල අයිතිවාසිකම් සහ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමටත් උපරිම උත්සාහ කරන බව ඔහු සඳහන් කර සිටියා.

“ඉන්දියාවේ සභාපතිත්වය හරහා ප්‍රායෝගික සහයෝගීතාව ඉදිරියට ගෙනයාමටත්, ග්ලෝබල් සවුත් කලාපයේ ප්‍රමුඛතාවලට සහයෝගය දීමටත්, වඩාත් ආරක්ෂිත සහ සියලු දෙනා ඇතුළත් කරගත් ලෝකයක් බිහි කිරීමටත් කටයුතු කරනවා” යැයි මෝදි මෙම හමුවෙන් පසු සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් කියා සිටියා.

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන මුල් සාමාජිකයන්ගෙන් සහ නව සාමාජික රටවලින් සමන්විත බ්‍රික්ස් සංවිධානය, වර්තමානය වන විට ගෝලීය පාලනය, ආර්ථික සහයෝගීතාව සහ ආරක්ෂක ක්ෂේත්‍රයන්හි සිය බලපෑම වේගයෙන් ව්‍යාප්ත කරමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36