spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිශාන්ත මුතුහෙට්ටිගම රිමාන්ඩ් (වීඩියෝ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (14) නියෝග කළේ මන්ත්‍රීවරයා සැප්තැම්බර් 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

ව්‍යාජ ලේඛන සකසා නිති විරෝධී ලෙස කොටස් ගෙන්වා මෙරටදී එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙනුයි ඔහුට චෝදනා එල්ලවී ඇත්තේ.

සැකකරු මෙතෙක් අත් අඩංගුවට නොගැනීමට හේතු දැක්වීම සඳහා එදින අධිකරණයේ පෙනි සිටින ලෙස මේ සම්බන්ධයෙන් විමරශණ පැවැත්වු පානදුර වලාන දූෂණ මරධන ඒකකයේ අධ්‍යක්ෂවරයාට නොතීසි නිකුත් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

පසුගිය වසරේ ඔක්තෝබර් 31 වනදා පානදුර වලාන දූෂණ මරධණ අංශයේ නිලධාරීන් විසින් ගාල්ල නගරයේදී පොලිස් කොස්තාපල්වරයෙකු පදවා ගෙන ගිය සුඛෝපභෝගි වාහනයක් නවතා පරීක්ෂා කිරීමේදි එහි නිත්‍යානුකූල බලපත්‍ර නොමැති වීම හේතුවෙන් වාහනය සහ රියදුරු කොස්තාපල්වරයා අත් අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කර තිබුණා.

එහිදී නියෝග කෙරුණේ අදාළ පොලිස් කොස්තාපල්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

එලෙස බන්ධනාගාර ගත කෙරුණේ ගාල්ල පොලිසියට අනුයුකත්ව සේවය කරනු ලබන කොස්තාපල්වරයෙක්.

පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එම රථයේ සවිකර තිබු අංක තහඩුව ව්‍යාජ එකක් වූ අතර වාහනය ලියාපදිංචි කර නොමැති එකක් බවයි.

මෙම රථයේ කොටස් රජයට තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස ගෙන්වා මෙරටදී එකලස් කර ඇති එකක් බවට ද අනාවරණයවී තිබෙනවා.

පසුව සැකකරු සහ වාහනය අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා ගාල්ල පොලිසියට බාරදී තිබුණා.

එදින සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය දක්වන ලද කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරිය රේගුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාරයාලය, මෙම වාහන වරගය ආනයනය කරනු ලබන ස.තො.ස.පුද්ගලික ආයතනය, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය යන ආයතනවලින් වාර්තා ලබා ගැනීමටත් ජංගම දුරකතන වාර්තා සහ බැංකු ගිණුම් වාර්තා ලබා ගැනීමටත් පොලිසියට අවසර ලබා දෙනු උලබුව.

එම අවස්ථාවේ වාහනය ධාවනය කරන ලද සැකකාර කොස්තාපල්වරයා පවසා ඇත්තේ තමා මෙයට පෙර ඇමති ආරක්ෂක කොට්ඨාසයේ සේවය කරන ලද අතර දැනට ගාල්ල පොලිස් ස්ථානයට අනුයුකත්ව සේවය කරනු ලබන බවයි.

මෙම වාහනය ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු නි‍යෝජ්‍ය ඇමතිවරයෙකු වූ නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට අයත් බවත් ඔහු පවසා තිබෙනවා.

වාහනය සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත් කරන ලෙස මෙයට පෙර අවස්ථා දෙකකදිම මෝටර් රථ කොමසාරිස්වරයා දන්වා ඇතත් තවම වාර්තාව ලබා නොදීම හේතුවෙන් 21 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස මෝටර් රථ කොමසාරිස්වරයාට ද නොතීසි නිකුත් කිරීමටයි මහෙස්ත්‍රාත්වරයා නියෝග කලේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
26
+1
4
+1
2
+1
1
+1
12
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට වටේ තිබුණු විවිධ ඡන්ද වලින් දැනට මාලිමාව ඉන්න තැන මෙන්න
09:52
Video thumbnail
මෙවර තමන්ට ඕනේ තැනකින් ඡන්දය දැමීමේ අවස්ථාව...#elections2024
02:38
Video thumbnail
මෛත්‍රී සහභාගී වූ විශේෂ මාධ්‍ය හමුව...#maithripalasirisena
05:11
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE | 2024-07-27|Dasatha News
31:18
Video thumbnail
වික්‍රමබාහු කරුණානායට අවස්න ගෞරව දක්වන්න ආ ජනපති
00:43
Video thumbnail
"9වන විධායක ජනාධිපතිත් රනිල්" #ranilwickremesinghe
01:48
Video thumbnail
ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ සතුට - "ලංකාවේ කෙල්ලො ටිකනම් සුපිරී"
02:43
Video thumbnail
රනිල් උන්මන්ත නායකයෙක්... "මෙයාලා බලය වෙනුවෙන් ඕනෑම දුෂ්ඨ ක්‍රියාවකට යනවා" #anurakumaradissanayake
08:48
Video thumbnail
වත්මන් T20 නායක චරිත් අසලංකගේ Planඑක මෙන්න... #cricket #t20cricket #charithasalanka
04:48
Video thumbnail
සැප්තැම්බර් 22 නියත ජනපති 'අනුර' #npp #akd #anurakumaradissanayake #elections2024
06:50

?