නිශාන්ත මුතුහෙට්ටිගම රිමාන්ඩ් (වීඩියෝ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (14) නියෝග කළේ මන්ත්‍රීවරයා සැප්තැම්බර් 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

ව්‍යාජ ලේඛන සකසා නිති විරෝධී ලෙස කොටස් ගෙන්වා මෙරටදී එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙනුයි ඔහුට චෝදනා එල්ලවී ඇත්තේ.

සැකකරු මෙතෙක් අත් අඩංගුවට නොගැනීමට හේතු දැක්වීම සඳහා එදින අධිකරණයේ පෙනි සිටින ලෙස මේ සම්බන්ධයෙන් විමරශණ පැවැත්වු පානදුර වලාන දූෂණ මරධන ඒකකයේ අධ්‍යක්ෂවරයාට නොතීසි නිකුත් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

පසුගිය වසරේ ඔක්තෝබර් 31 වනදා පානදුර වලාන දූෂණ මරධණ අංශයේ නිලධාරීන් විසින් ගාල්ල නගරයේදී පොලිස් කොස්තාපල්වරයෙකු පදවා ගෙන ගිය සුඛෝපභෝගි වාහනයක් නවතා පරීක්ෂා කිරීමේදි එහි නිත්‍යානුකූල බලපත්‍ර නොමැති වීම හේතුවෙන් වාහනය සහ රියදුරු කොස්තාපල්වරයා අත් අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කර තිබුණා.

එහිදී නියෝග කෙරුණේ අදාළ පොලිස් කොස්තාපල්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

එලෙස බන්ධනාගාර ගත කෙරුණේ ගාල්ල පොලිසියට අනුයුකත්ව සේවය කරනු ලබන කොස්තාපල්වරයෙක්.

පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එම රථයේ සවිකර තිබු අංක තහඩුව ව්‍යාජ එකක් වූ අතර වාහනය ලියාපදිංචි කර නොමැති එකක් බවයි.

මෙම රථයේ කොටස් රජයට තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස ගෙන්වා මෙරටදී එකලස් කර ඇති එකක් බවට ද අනාවරණයවී තිබෙනවා.

පසුව සැකකරු සහ වාහනය අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා ගාල්ල පොලිසියට බාරදී තිබුණා.

එදින සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය දක්වන ලද කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරිය රේගුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාරයාලය, මෙම වාහන වරගය ආනයනය කරනු ලබන ස.තො.ස.පුද්ගලික ආයතනය, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය යන ආයතනවලින් වාර්තා ලබා ගැනීමටත් ජංගම දුරකතන වාර්තා සහ බැංකු ගිණුම් වාර්තා ලබා ගැනීමටත් පොලිසියට අවසර ලබා දෙනු උලබුව.

එම අවස්ථාවේ වාහනය ධාවනය කරන ලද සැකකාර කොස්තාපල්වරයා පවසා ඇත්තේ තමා මෙයට පෙර ඇමති ආරක්ෂක කොට්ඨාසයේ සේවය කරන ලද අතර දැනට ගාල්ල පොලිස් ස්ථානයට අනුයුකත්ව සේවය කරනු ලබන බවයි.

මෙම වාහනය ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු නි‍යෝජ්‍ය ඇමතිවරයෙකු වූ නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට අයත් බවත් ඔහු පවසා තිබෙනවා.

වාහනය සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත් කරන ලෙස මෙයට පෙර අවස්ථා දෙකකදිම මෝටර් රථ කොමසාරිස්වරයා දන්වා ඇතත් තවම වාර්තාව ලබා නොදීම හේතුවෙන් 21 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස මෝටර් රථ කොමසාරිස්වරයාට ද නොතීසි නිකුත් කිරීමටයි මහෙස්ත්‍රාත්වරයා නියෝග කලේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15