AFC Banner
AFC Banner
Empty Ad

නිවසකට පැන ලක්ෂ ගාණන වස්තුව කොල්ල කෑ ASP ඇතුළු 04ක් අල්ලයි

නිවසකට පැන රුපියල් තුන් ලක්ෂ හැට අටදහසක් පමණ වටිනා රන් භාණ්ඩ සහ දේපළ මංකොල්ලකෑ පුද්ගලයින් සිව්දෙනෙක් කඩු 04ක් සමඟ මොරටුමුල්ල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුමුල්ල, ඉඳිබැද්ද, ලුනාව, අඟුලාන යන ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 25-40 අතර වයස්වල පසුවන සැකකරුවන් සිව්දෙනෙක්.

ඒ.එස්.පී යන අනවර්ථ නමින් හඳුන්වන මෙහි ප්‍රධාන සැකකරු මංකොල්ලකන ලද නිවසේ හිමියාගෙන් මීට පෙර රුපියල් දසදහසක මුදලක් ඉල්ලා තිබෙනවා.

එහිදී මුදල් ලබා නොදීමට මුදල් නොමැති නිවසේ හිමියා පවසා ඇති අතර, ඒ හේතුවෙන් දෙදෙනා දුරකථනයෙන් දිගින් දිගටම බහින්බස් වී ඇති බවයි වාර්තා වන්නේ.

නිවසේ හිමිකරු ඔහුගේ බිරිඳගේ උපන්දිනය සැමරීම සඳහා මිතුරන් සමඟ සාදයකට නිවසින් පිටතර ගොස් ඇති අවස්ථාවක, ඊයේ (06) අලුයම් කාලයේ ඒ.එස්.පී නැමැති ප්‍රධාන සැකකරු සහ තවත් තිදෙනෙක් සමඟ පැමිණ ඒ මොහොතේ නිවසේ රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙක් බිය ගන්වා මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත ප්‍රධාන සැකකරු මොරටුව බස් නැවතුම්පොළේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙකුත් සැකකරුවන් ද අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
4
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනේ දැන් ඕකනේ කරගන්න ඕන වුණේ - දැන් උසාවි තමයි පුතේ
04:32
Video thumbnail
මාලිමාවට බැනගෙන එද්දිම දිලුම්ගේ කට වස්සපු බලවේගය
08:10
Video thumbnail
රිපන් බාලිකාවෝ වැස්සේ හොඳට නටයි
03:03
Video thumbnail
ආරක්ෂක නියෝජ්‍ය ඇමති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
18:38
Video thumbnail
අපි කෙඳිරි ගාන්නේ නෑ කියාගෙන මහින්දගේ දෙටු පුතා ඇතුළට
09:20
Video thumbnail
වරායේ කප්පම් ගන්න හැටි මෙන්න - ඇමති බිමල් පුලුවන්නම් අල්ලන්න - Dasatha Search light
17:39
Video thumbnail
ආණ්ඩුව එක්ක තරුණයින්ට මලපනි - හදිසියේ මාධ්‍ය කැඳවයි
28:40
Video thumbnail
රජයේ මාධ්‍ය හමුවේ රාජපක්ෂ හුටපටේ - ආණ්ඩුවට තමයි කෙඳිරි ගෑවෙන්නේ
16:31
Video thumbnail
මහින්දට අත තිබ්බොත් වෙන දේ බලාගන්න - අක්මීමණ හිමි ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
29:20
Video thumbnail
තාත්තා මහ පාරේ දාලා ගිය දුව මල්ලිකා - තාත්තා හඬා වැටෙයි
01:41

?