නිවසකට පැන ලක්ෂ ගාණන වස්තුව කොල්ල කෑ ASP ඇතුළු 04ක් අල්ලයි

නිවසකට පැන රුපියල් තුන් ලක්ෂ හැට අටදහසක් පමණ වටිනා රන් භාණ්ඩ සහ දේපළ මංකොල්ලකෑ පුද්ගලයින් සිව්දෙනෙක් කඩු 04ක් සමඟ මොරටුමුල්ල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුමුල්ල, ඉඳිබැද්ද, ලුනාව, අඟුලාන යන ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 25-40 අතර වයස්වල පසුවන සැකකරුවන් සිව්දෙනෙක්.

ඒ.එස්.පී යන අනවර්ථ නමින් හඳුන්වන මෙහි ප්‍රධාන සැකකරු මංකොල්ලකන ලද නිවසේ හිමියාගෙන් මීට පෙර රුපියල් දසදහසක මුදලක් ඉල්ලා තිබෙනවා.

එහිදී මුදල් ලබා නොදීමට මුදල් නොමැති නිවසේ හිමියා පවසා ඇති අතර, ඒ හේතුවෙන් දෙදෙනා දුරකථනයෙන් දිගින් දිගටම බහින්බස් වී ඇති බවයි වාර්තා වන්නේ.

නිවසේ හිමිකරු ඔහුගේ බිරිඳගේ උපන්දිනය සැමරීම සඳහා මිතුරන් සමඟ සාදයකට නිවසින් පිටතර ගොස් ඇති අවස්ථාවක, ඊයේ (06) අලුයම් කාලයේ ඒ.එස්.පී නැමැති ප්‍රධාන සැකකරු සහ තවත් තිදෙනෙක් සමඟ පැමිණ ඒ මොහොතේ නිවසේ රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙක් බිය ගන්වා මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත ප්‍රධාන සැකකරු මොරටුව බස් නැවතුම්පොළේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙකුත් සැකකරුවන් ද අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47
Video thumbnail
බදුල්ලේ මාලිමා කාන්තාවන් එක මිටට කාන්තා සමුළුවට ආ හැටි
01:55
Video thumbnail
බදුල්ලට ගිය අගමැතිනිව කාන්තාවන් බදාගෙන ආදරයෙන් පිළිගනී
00:48
Video thumbnail
කාවන්තිස්සව අවුරුදු 45ක් තියාගත්ත එකම ලොකු දෙයක්
03:16