නියාමකවරුන්ට කොරෝනා – ගමන්වාර 14 ක් අවලංගුයි

දුම්රිය නියාමකවරුන් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාධනය විම හේතුවෙන් මාර්ග කිහිපයක දුම්රිය ගමන්වාර 14 ක් අද දිනයේදී අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 06 ක්, මුහුදු බඩ මාර්ගයේ 02 ක්, කැලණිවැලි මාර්ගයේ දුම්රිය 02 ක්, පුත්තලම මාර්ගයේ දුම්රිය 03 ක් සහ උතුරු මාර්ගයේ කුරුණෑගල දක්වා ධාවනය වන දුම්රිය ද අවලංගු කළ දුම්රිය අතරට අයත්.

මෙලෙස දුම්රිය අවලංගු වීම හමුවේ මගීන් දැඩි පීඩාවකට පත් වූ බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?