යතුරුපැදි අනතුරෙන් අවසන් ගමන් ගිය මව සහ සරසවි පුතු

මරදන්කඩවල නගරයේදී යතුරුපැදියක් සහ ලොරි රථයක් ගැටීමෙන් අද (9) සිදුවූ රිය අනතුරකින් මවක් සහ ඇගේ පුතු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ තිරප්පනේ ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ 24 හැවිරිදි පුත්‍රයායි.

මියගිය තරුණයා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි සරසවි ශිෂ්‍යයෙක් බවයි වාර්තා වන්නේ.

දඹුල්ල ප්‍රදේශයේ ඥාතියෙකුගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීම සඳහා මව සහ පුතු ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.

ඔවුන් ගමන් කළ දිශාවටම ලොරි රථයද ධාවනය වී ඇති අතර, ලොරි රථය දකුණු පසට හැරවීමට යාමේදී යතුරුපැදිය සමඟ ගැටී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුරින් බරපතල තුවාල ලැබූ මව සහ පුතු මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, ප්‍රතිකාර ලබමින් සිටියදී දෙදෙනාම මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කඩවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54
Video thumbnail
සුන්දර හඟරන්ඔය දිය ඇල්ල ප්‍රදේශය ගැන හෙළිදරව්වක් - රාජ්‍ය නිලධාරීන්ට යන්න දෙන්නත් නැහැ
08:18
Video thumbnail
වැරැද්දක් කළාම නිවැරදි වෙන්න අවස්ථාවක් තියෙන්න ඕනි - අංගුලිමාලටත් ඒ අවස්ථාව තිබුණා
01:39
Video thumbnail
නාමල්ට සෙත් පතන්න කන්දේ විහාරයට ආ ජනතාව - ඔප්පු කළොත් අපි දණ ගහගෙන යනවා කිව්වනේ
02:19
Video thumbnail
නාමල් පුතා දුකක වැටිලා ඉන්නේ - නාමල් පුතාට අපල කාලයක් මේ
02:07
Video thumbnail
"අංගුලිමාලටත් අවස්ථාවක් දුන්නා වැරදි හදාගන්න" - සාගර කාරියවසම්
00:19
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - මිනිස්සු ඔක්කොම බයවෙලා දුවගෙන එයි
00:44
Video thumbnail
"අනේ නාමල් පුතාගේ අපල ගෙවිලා, රාජපක්ෂ පවුලටම සැනසීම ලැබේවා කියලා ඕන්න වැන්දා"
00:30
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන - මොරටුව නගර සභා සේවකයෙක්ට වෙ#
01:22
Video thumbnail
කළබලයක් නෑ හැමෝටම නීතිය සාධාරණ නම් - අපි කරන්න ඕනි දේ රජයම කරලා..ස්තූතියි
05:35