කොටහේනේ දී මහ දවල් වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදිකරු අත්අඩංගුවට

කොටහේන පොලිස් වසමේ සංඝරාජ මාවතේ වෙළඳසැලක් ඉදිරිපිට රැඳී සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් 2026.08.10 වන දින දහවල් කාලයේ වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

ඒ අනුව, කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (09) දින රාත්‍රී මෙම ඝාතනය සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කරමින් ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 470ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු කොටහේන පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

සැකකරු වයස අවුරුදු 23 ක් වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51