නැගෙනහිර ඉඩම් ආරක්ෂා කර ගැනීමට විශේෂ කමිටුවක්

නැගෙනහිර පළාතේ ඉඩම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

දේශපාලන බලය භාවිත කරමින් ඉඩම් අල්ලා ගැනීම හේතුවෙන් නැගෙනහිර පළාතේ ගැටලු රැසක් මතුව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තවදුරටත් ඊට ඉඩ දිය නොහැකි බවයි අවධාරණය කළේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති අම්පාර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින්.

සමුද්‍ර ඛාදනයෙන් දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම වෙරළ තීරය ආරක්ෂා කර ගනිමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා නිසි සැලැස්මක් කඩිනමින් සකස් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ගල්වැටි දැමීම සමුද්‍ර ඛාදනය වළක්වා ගැනීමට ප්‍රායෝගික විසදුමක් නොවන බව වැඩිදුරටත් පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක, ඔලුවිල් වරාය මෙන්ම ඒ ආශ්‍රිත ධීවර වරාය පිළිබඳවද අවධානය යොමු කරමින් මෙම ගැටලුවට ස්ථීර විසඳුමක් ලබාදිය හැකි විද්‍යාත්මක ක්‍රමවේදයක් පිළිබඳ කඩිනම් අධ්‍යයනයක් සිදුකරන ලෙස උපදෙස් ලබාදෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27