නාරම්මල පොලිසිය ඉදිරිපිට යුද පිටියක් වෙයි – තත්ත්වය පාලනයට විශේෂ කාර්ය බළකාය

නාරම්මල පොලිසිය ඉදිරිපිට ඊයේ (18) රාත්‍රියේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

අණ නොතකා ධාවනය කළ බව කියන ලොරි රථයක් නවත්වා පරීක්ෂා කිරීමට යාමේදී පොලිස් නිලධාරියෙක් අත තිබූ ගිනි අවිය පත්තු වී රියදුරු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් කෝප වූ පිරිසක් මෙලෙස පොලිසිය ඉදිරිපිට ප්‍රකෝපකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වුණේ.

එම පිරිස පොලිසියේ දේපළවලට ද හානි සිදුකර තිබෙනවා.

මෙම තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් කණ්ඩායම් යෙදවීමට පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් එහිදී චෝදනා කර සිටියේ මෙම වෙඩි තැබීම හිතාමතා සිදුකළ එකක් බවයි.

සිවිල් ඇඳුමින් සිටි නාරම්මල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එම ප්‍රදේශයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී ලොරි රථයකට නවත්වන ලෙස ඊයේ (18) රාත්‍රියේ අණකර තිබෙනවා.

කෙසේ වෙතත් එම අණ නොතකා ලොරි රථයේ රියදුරු රථය ධාවනය කර ඇති අතර, පොලිස් නිලධාරීන් දෙදෙනා යතුරුපැදියෙන් හඹාගොස් ලොරි රථය නවත්වාගෙන තිබෙනවා.

එහිදී රියදුරු බියගැන්වීමට පොලිස් නිලධාරියෙකු සන්තකයේ තිබූ රාජකාරී පිස්තෝලය පිටතට ගත් අවස්ථාවේ දී එය පත්තු වී ලොරි රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 42 හැවිරිදි තිදරු පියෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47