නාරම්මල පොලිසිය ඉදිරිපිට යුද පිටියක් වෙයි – තත්ත්වය පාලනයට විශේෂ කාර්ය බළකාය

නාරම්මල පොලිසිය ඉදිරිපිට ඊයේ (18) රාත්‍රියේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

අණ නොතකා ධාවනය කළ බව කියන ලොරි රථයක් නවත්වා පරීක්ෂා කිරීමට යාමේදී පොලිස් නිලධාරියෙක් අත තිබූ ගිනි අවිය පත්තු වී රියදුරු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් කෝප වූ පිරිසක් මෙලෙස පොලිසිය ඉදිරිපිට ප්‍රකෝපකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වුණේ.

එම පිරිස පොලිසියේ දේපළවලට ද හානි සිදුකර තිබෙනවා.

මෙම තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් කණ්ඩායම් යෙදවීමට පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් එහිදී චෝදනා කර සිටියේ මෙම වෙඩි තැබීම හිතාමතා සිදුකළ එකක් බවයි.

සිවිල් ඇඳුමින් සිටි නාරම්මල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එම ප්‍රදේශයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී ලොරි රථයකට නවත්වන ලෙස ඊයේ (18) රාත්‍රියේ අණකර තිබෙනවා.

කෙසේ වෙතත් එම අණ නොතකා ලොරි රථයේ රියදුරු රථය ධාවනය කර ඇති අතර, පොලිස් නිලධාරීන් දෙදෙනා යතුරුපැදියෙන් හඹාගොස් ලොරි රථය නවත්වාගෙන තිබෙනවා.

එහිදී රියදුරු බියගැන්වීමට පොලිස් නිලධාරියෙකු සන්තකයේ තිබූ රාජකාරී පිස්තෝලය පිටතට ගත් අවස්ථාවේ දී එය පත්තු වී ලොරි රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 42 හැවිරිදි තිදරු පියෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40