නායයාමේ අවධානමකට ලක් වී ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තාවකාලිකව ප්‍රාදේශිය රෝහලේ ස්ථාපනය කිරීමට එරෙහිව වැඩ වර්ජනයක්

නායයාමේ අවධානමකට ලක් වී ඇති ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, තාවකාලිකව ලිදුල ප්‍රාදේශීය රෝහලේ හෙදි නිල නිවාස වෙත රැගෙන යාමට විරෝධය පාමින් ලිඳුල ප්‍රාදේශිය රෝහලේ හෙදියන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය නීති විරෝධි බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂක අසේල පෙරේරා පවසනවා.

දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂකවරයා ඒ බැව් කියා සිටියේ අද (11) දින නුවරඑළිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂක කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්.

මෙම මාධ්‍යය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක් වු දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂකවරයා කියා සිටියේ ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය පවත්වාගෙන යන ස්ථානය නාය යාමේ අවධානමට ලක් වීම හේතුවෙන් එම කාර්‍යාලය තාවකාලිකව ලිඳුල ප්‍රාදේශීය රෝහල වෙත ගෙන යාමට තීරණය කළ බවයි.

එහි මාස දෙකකට කලින් සිටි හෙද නිලධාරිවරියක් ස්ථාන මාරු ලබා යෑමෙන් අනතුරුව එය පාළුවට ගොස් තිබුණු නමුත්, එහි යතුර එම හෙද නිලධාරිනිය විසින් නිල වශයෙන් භාරදී තිබුණේ නැහැ.

ඉන් අනතුරුව සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂකවරයා විසින් විශේෂ කණ්ඩායමක් යොදවා එම කාමර දෙක ශුද්ධ පවිත්‍ර කර ලබා ගැනීමට කටයුතු ක‍ර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ලිඳුල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂක අසේල සුරංජිත් සහ ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රිෂ්නි කියා සිටියේ නිසි ක්‍රමවේදයන් අනුගමනය කරමින් සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂවරයාගේ උපදෙස් පරිදි තමන් කටයුතු කළද එයට විරෝධය පාමින් හෙද නිලධාරීන් සිදු කරනු ලබන වැඩ වර්ජන නීති විරෝධී බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17