spot_imgspot_img

න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් පුටින්ගෙන් විශේෂ අනාවරණයක්

රුසියාව මේ වනවිටත් බෙලරුසියාවේ උපක්‍රමශීලී න්‍යෂ්ටික අවි ස්ථානගත කර ඇති බව රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් පවසනවා.

පුටින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ පැවති ජාත්‍යන්තර ආර්ථික සමුළුවට එක්වෙමින්.

රුසියානු භූමියට තර්ජනයක් සිදුවන ඕනෑම අවස්ථාවක දී එම න්‍යෂ්ටික අවි භාවිත කරන බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.

රුසියානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සඳහන් කළේ රුසියාව යුක්‍රේනයට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිත කරනු ඇති බවට කිසිදු බුද්ධි තොරතුරක් ලැබී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?