නව විදුලිබල පනතේ තීරණයකට වෘත්තිය සමිතිවල විරෝධය

නව විදුලිබල පනතෙන් ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රධාන සමාගම් 12ක් බවට පත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විදුලි වෘත්තිය සමිති සිය විරෝධය පල කරනවා.

එමගින් විදුලි උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම ආදී සියලු කාර්යයන් සමාගම් යටතට පත් වන අතර විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින් අදාළ අනුප්‍රාප්තික සමාගම්වල සේවකයින් බවට පත් කිරිමට යෝජිතයි.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රධාන සමාගම් 12 ක් බවට පත් කෙරෙන විධි විධාන ඇතුළත් විදුලිබල පනත සංශෝධන කෙටුම්පත පසුගියදා ගැසට් කර තිබෙනවා.

එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වූ දිනයේ සිට විදුලි උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම, වෙළදාම් කිරීම, සැපයීම සහ ප්‍රසම්පාදනය යන සියලු කාර්යයන්වෙන් වෙන් වශයෙන් සමාගම් වෙත පැවරෙනු ඇති.

පසුගිය වසර කිහිපයක සිට ලංකා විදුලිබල මණ්ඩලය ලද පාඩුව සැළකිල්ලට ගනිමින් මෙම තීරණයට එළැඹ තිබෙනවා. තනි ඒකාබද්ධ ආයතනයක් වශයෙන් මේ වන විට ක්‍රියාත්මක වන ලංකා විදුලිබල මණ්ඩලය සතු වත්කම් ඒ අනුව අදාළ සමාගම් යටතට පත්වනවා.

නව ආයෝජන ආකර්ශණය කර ගැනීම, රජයේ කාබන්හරණ ඉලක්ක වෙත ළඟා වීම දේශගුණික විපර්යාස ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, පුනර්ජනනීය බලශක්ති දායකත්වය ඉහළ නැංවීම මෙමගින් අපේක්ෂිතයි.

මෙම පනත මගින් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සියලුම නිලධරයන් හා සේවකයින් අදාළ අනුප්‍රාප්තික සමාගමෙ නිලධරයන් හා සේවකයින් බවට පිළිගනු ලබන අතර, වැටුප් හෝ දීමනා ආදියද පවතින තත්ත්වයට වඩා වාසිදායක බවින් අඩු නොවන පරිදි අදාළ පිළිගැනීම සිදු කරනු ලබනවා.

සිය සේවා කාලය අවසන් වන තෙක් ඔවුන් අනුප්‍රාප්තික සමාගමේ අඛණ්ඩව සේවය කරනු ලබන අතර විශ්‍රාමික ප්‍රතිලාභ ගණනය කිරීම සදහා පමණක් රාජ්‍ය සේවකයෙකු ලෙස පිළිගනු ඇති.

කෙසේ වෙතත් මෙම නව විදුලි පනත් කෙටුම්පතට විදුලිබල ක්ෂේත්‍රය හා සම්බන්ධ වෘත්තීය සමිති දැඩි විරෝධය පල කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17