spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නව වසර අරඹමින් ඉන්දියාවෙන් අභ්‍යවකාශයේ පෙරළියක්

විශ්වයේ ඇති කළු කුහර සහ නියුට්‍රෝන තරු අධ්‍යයනයට රොබෝ යානයක් අභ්‍යවකාශ ගත කිරීමට ඉන්දියාව අද (01) කටයුතු කළා.

නව වසරේ වැඩ අරඹමින් ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය මෙම මෙහෙයුම සිදුකරන අතර, ඒ අනුව “එක්ස් රේ පෝලර් මීටර්” නැමති ගවේෂණ යානය ආන්ද්‍රා ප්‍රදේශ් හි සතිෂ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මෙලෙස අභ්‍යවකාශ ගත කෙරුණා.

එරට වේලාවෙන් අද (01) පෙරවරු 9.10ට මෙම ගවේෂණ යානය අභ්‍යවකාශ ගතකළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

පෘථිවිය පිහිටි මන්දාකිනියේ ඇති කළු කුහර සහ නියුට්‍රෝන තාරකා අධ්‍යයනය කිරීම සඳහා විශේෂිත තාරකා විද්‍යා නිරීක්ෂණාගාරයක් එවූ ලොව දෙවැනි රට බවට ඉන්දියාව පත්වනවා.

මීට පෙර එවැනි ගවේෂණ යානයක් යවා තිබුනේ ඇමරිකා එක්සත් ජනපදයයි.

ඉන්දීය අභ්‍යවකාශ දෙපාර්තමේන්තුව විසින් චන්ද්‍රයාන්-3 සහ ආදිත්‍ය L1 මෙහෙයුමෙන් පසුව, එරට විසින් අභ්‍යවකාශ ගවේෂණය සඳහා වන මීළඟ ඓතිහාසික පියවර මෙය වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?