නව වසර අරඹමින් ඉන්දියාවෙන් අභ්‍යවකාශයේ පෙරළියක්

විශ්වයේ ඇති කළු කුහර සහ නියුට්‍රෝන තරු අධ්‍යයනයට රොබෝ යානයක් අභ්‍යවකාශ ගත කිරීමට ඉන්දියාව අද (01) කටයුතු කළා.

නව වසරේ වැඩ අරඹමින් ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය මෙම මෙහෙයුම සිදුකරන අතර, ඒ අනුව “එක්ස් රේ පෝලර් මීටර්” නැමති ගවේෂණ යානය ආන්ද්‍රා ප්‍රදේශ් හි සතිෂ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මෙලෙස අභ්‍යවකාශ ගත කෙරුණා.

එරට වේලාවෙන් අද (01) පෙරවරු 9.10ට මෙම ගවේෂණ යානය අභ්‍යවකාශ ගතකළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

පෘථිවිය පිහිටි මන්දාකිනියේ ඇති කළු කුහර සහ නියුට්‍රෝන තාරකා අධ්‍යයනය කිරීම සඳහා විශේෂිත තාරකා විද්‍යා නිරීක්ෂණාගාරයක් එවූ ලොව දෙවැනි රට බවට ඉන්දියාව පත්වනවා.

මීට පෙර එවැනි ගවේෂණ යානයක් යවා තිබුනේ ඇමරිකා එක්සත් ජනපදයයි.

ඉන්දීය අභ්‍යවකාශ දෙපාර්තමේන්තුව විසින් චන්ද්‍රයාන්-3 සහ ආදිත්‍ය L1 මෙහෙයුමෙන් පසුව, එරට විසින් අභ්‍යවකාශ ගවේෂණය සඳහා වන මීළඟ ඓතිහාසික පියවර මෙය වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
00:00
Video thumbnail
ජනාධිපතිට හිතක් පපුවක් නැද්ද ? ඇයි අසරණවෙච්ච ජනතාව තවත් අසරණ කරන්නේ මෙහෙම ?
06:15
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා වරායෙන් රැගෙන ආ අයුරු - මෙන්න ඔබ නොදුටු දසුන් පෙළක්
01:39
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25
Video thumbnail
ආබාධිතබාවය කියන්නේ ආබාධයක් නෙවෙයි - අපි කතා කරන්න ඕනි හැකියා ගැන..ආදායම් නොලබන අය 70%ක්
13:20
Video thumbnail
හොර ඡන්ද දැමීම අතීතයට ගැළපෙන ක්‍රියාවලියක් - සූක්ෂම පියවර ගන්න නිසා නොමැකෙන තීන්ත ඕනි වෙන්නේ නෑ
07:23
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40