ශ්‍රී ලංකා යුද හමුදාවේ 26වන යුද හමුදාපතිවරයා වශයෙන් පත් වූ ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ජනාධිපති කාර්යාලයේදී අද (05) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වුණා.
නව යුද හමුදාපති ලෙස වැඩ භාර ගැනීමෙන් පසු ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ජනාධිපතිවරයා නිල වශයෙන් හමු වූ පළමු අවස්ථාව මෙය වනවා.
සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව, රාජ්‍ය නායකයා හමු වීමේ සම්ප්‍රදාය ඉටු කරමින් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි යුද හමුදාපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ සම්ප්‍රදායානුකූලව සමරු තිළිණ හුවමාරු කර ගත් අතර, යුද හමුදා ධුරයට පත් වූ නිලන්ත ප්‍රේමරත්නට ජනපතිවරයා සිය සුබපැතුම්ද පිරිනැමුවා.













