නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය විෂය නිර්දේශයේ සංශෝධනයක් පමණක් නෙවෙයි – අධ්‍යාපන ලේකම්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යනු, හුදු විෂය නිර්දේශයේ සංශෝධනයක් පමණක් නොවන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව පවසනවා.

21 වන ශතවර්ෂයට මුහුණ දිය හැකි සම්පූර්ණ දැනුමක් සහිත දරුවෙක් බිහි කිරීම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ අරමුණ බවයි ලේකම්වරයා සඳහන් කර සිටියේ.

මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දී මූල්‍ය සාක්ෂරතාව සහ ව්‍යවස්යකත්වය සම්බන්ධ විෂයන් පිළිබඳව වැඩි අවදානයක් යොමුව ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර එළඹෙන වසරේ දී හඳුනවාදීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ අනිවාර්ය විෂයන් පහක් ඇති බවත්; විෂයන් දෙකක් තෝරාගැනීමට හැකියාව ඇති බවයි අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද (18) පැවති ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොම්ෂන් සභාව, මුදල් අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය මගින් සංවිධානය කළ මූල්‍ය සාක්‍ෂරතාවය පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර කොළඹ නිවසකින් සොයාගැනේ
00:57
Video thumbnail
මනම්පිටිය OICගේ නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:42
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
01:03
Video thumbnail
චූලා පද්මේන්ද්‍රගේ දේහය ඉස්සරහා හිතවතුන් කඳුළු සලයි
01:26
Video thumbnail
අම්මෝ කොහොමද බඩු ටික - චීන බහාලුමක් ඇතුලේ තිබ්බ දේ..
03:39