නවම් පුන් පොහොය අද යි

නවම් පුන් පොහොය අදට යෙදී තිබෙනවා.

නවම් පුර පසළොස්වක පොහෝ දිනය ශාසන ඉතිහාසයෙහි ඉතා වැදගත් සිදුවීම් ගණනාවකට මුල් වූ දිනයක් වශයෙනුයි සැලකෙන්නේ.

බුදු සසුනේ ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම, සැරියුත් – මුගලන් දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු ප්‍රදානය කිරීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම හා බුදුරදුන් ආයු සංස්කාරය අත්හැරීම යන චතුර්විධ කරුණු නවම් පොහෝ දිනෙක සිදු වී තිබෙනවා.

එබැවින් නවම් පොහෝ දිනය ලෝකවාසි බෞද්ධ ජනතාවට සදාඅනුස්මරණීය දිනයක්.

භික්ෂු සමාජය පළමුවරට එක්රැස් කර මහා සංඝ සම්මේලනයක් පැවැත්වූයේ නවම් මස පුර පසළොස්වක පොහෝ දිනෙක දීයි.

එම මහා සඟ සමුළුවේදී සුවිශේෂි සිද්ධීන් කිහිපයක්ම සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්.

ප්‍රථම සංඝ සම්මේලනයේ දී භික්ෂු සමාජයේ අග්‍රශ්‍රාවක තනතුරු ප්‍රදානය කිරිම සිදු කෙරුණා.

මෙහිදී සැරියුත් මුගලන් යන මහරහතන් වහන්සේලා දෙනම පිළිවෙළින් දකුණත් සවු, වමත් සවු වශයෙන් අග්‍රශ්‍රාවක තනතුරුවලට පත් කිරීම සිදුවී තිබෙනවා.

සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේලා ගිහි කාලයේ සිටම කල්‍යාණ මිත්‍රයින්. උන්වහන්සේලාගේ ගිහි නම් උපතිස්ස සහ කෝලිත. මේ දෙදෙනා අස්සජි මහරහතන් වහන්සේගෙන් බණ අසා බුදුරජාණන් වහන්සේ හමුවේදී පැවිදි බවට පත්වෙනවා.

බුදු හිමියන් විසින් සිදු කරන ලද මෙම පදවි ප්‍රදානය තුළින් සුදුස්සාට සුදුසු තැන ලබාදීමේ බෞද්ධ සම්ප්‍රදාය ආරම්භ වූ බවයි සැලකෙන්නේ.

සච්ච විභංග සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ අග්‍රශ්‍රාවකයින් වහන්සේලාගේ ගුණ කීර්තනය කොට වදාළේ මෙලෙසින්..

“පින්වත් මහණෙනි, සාරිපුත්ත මොග්ගල්ලානයන් ගෞරවයෙන් ඇසුරු කරන්න. සේවනය කරන්න. ප්‍රඥාවන්ත වූ ඒ දෙනම සබ්‍රහ්මචාරීන් වහන්සේලාට නිවන් මගට අනුග්‍රහ කරන්නෝ ය. සාරිපුත්තයන් ශාසනික දරුවන් බිහි කරන මව වැනි ය. සෝතාපත්ති ඵලය පිණිස හික්මවයි. මොග්ගල්ලානයන් දරුවන් වඩන කිරි මව් වැනි ය. ඉහළ මාර්ග ඵලයන්හි හික්මවයි.”

(භජථ භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ, සේවේථ භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානෝ. පණ්ඩිතා භික්ඛූ, අනුග්ගාහකා සබ්‍රහ්මචාරිනං. සෙය්‍යථාපි ජනෙත්ති, යදිදං සාරිපුත්තෝ. සෝතාපත්ති ඵලේ විනේති. සෙය්‍යථාපි ජාතස්ස අපාදේතා, යදිදං මොග්ගල්ලානෝ. උත්තමත්ථේ.)

එමෙන් ම පැවිදි ශ්‍රාවකයින් වූ භික්ෂූන්ට ආදර්ශවත් චරිත දෙක ලෙස භාග්‍යවතුන් වහනසේ පෙන්වා වදාළේ ද අගසව් වහනසේලා ම යි.

පඨමාභිසම්බෝධි යුගයේ හෙවත් බුද්ධත්වයෙන් මුල් වැසි වස තුළ ස්වංය ශික්ෂණය යටතේ හික්මුණු භික්ෂූ පිරිසට විනය ශික්ෂා නොමැති බැවින් “සබ්බ පාපස්ස අකරණං…” යනාදි වශයෙන් කියවෙන ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරිම සිදු වුණා.

මෙහි අර්ථය සියලු පව් නොකිරීම, කුසල් දහම් වැඩීමත්, සිත දියුණු කිරීම යි.

භික්ෂූ විනය හා ශාසනයේ චිරස්තිථිය උදෙසා පැන වූ එකී ඕවාද ප්‍රාතිමෝක්ෂය බුදුරදුන් විසින් මුල්වරට දේශනා කරනු ලැබුවේද නවම් පුර පසළොස්වක පොහෝ දිනෙක වීම ද ඉතා වැදගත් කොට සැලකිය හැකියි.

භික්ෂූන් වහන්සේලා මෙසේ හික්මිය යුතු යැයි සෑම බුදුවරයන් වහන්සේලාම දේශනා කරන අනුශාසනය ඕවාද ප්‍රාතිමෝක්ෂය යනුවෙන් හැඳින්වෙනවා.

නවම් පොහෝදා සිදු වූ අනුවේදනීය සිදුවීමක් ලෙස බුදු රජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම පෙන්වාදිය හැකියි.

අසූ වැනි වියට එළඹීමට තෙමසකට පෙර බුදුරජාණන් වහන්සේ සිය අග්‍ර උපස්ථායක ආනන්ද හිමිද සමඟ රජගහනුවර චාපාල නම් චෛත්‍යය අසලට වැඩම කළ අතර එහිදී ආනන්ද හිමි අමතා තමා ආයු සංස්කාරය අත්හළ බවත්, ඡන්ද, විරිය, චිත්ත, වීමංසා යන සතර ඍද්ධිපාද ප්‍රගුණ කළ බුදුවරයෙකුට ආයු කල්පයක් වුවද මෙලොව ජීවත්විය හැකි බවත්, පැහැදිලි කළා.

එලෙසම තෙවරක්ම පැහැදිලි කළ ද, ආයු කල්පයක් වැඩසිටින ලෙස බුදුරදුන්ට ඇරයුම් කිරීම කෙරෙහි ආනන් ද හිමියන්ට සිහිය පිහිටුවා ගැනීමට නොහැකි වූ බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

බුදුරදුන් ආයු සංස්කාරය අත්හැරීමේ පුවත ඇසු සැණින්ම ආනන්ද හිමි චිත්තවික්ෂිප්තභාවයට පත්වීම එයට හේතුවයි.

එබැවින් බුදු හිමියන් ඊට මාස තුනකට පසු පිරිනිවන් පාමියි තීරණය කෙළේ ද නවම් පොහෝ දිනෙකදී යි.

මෙම කරුණු පිළිබඳ විමසීමේදි නවම්පුර පසළොස්වක පොහොය දිනය ඓතිහාසික වශයෙන් මෙන්ම ශාසනික වශයෙන්ද ඉතා වැදගත් දිනයක් ලෙස හැඳින් වීමේ හැකියාව පවතිනවා.

එබැවින් ලොව සෑම බෞද්ධ විහාරස්ථානයකම මෙම වැදගත් පොහොය දිනය අනුස්මරණය කරනුයේ ආමිස හා ප්‍රතිපත්ති පූජා පවත්වමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43
Video thumbnail
SLFP 75ස් වෙනි සංවත්සරයේ අපේ ජයග්‍රහයණවලින් බිඳක් හෙළිකරනවා - මේවා මේ ආණ්ඩුවේ සැලසුම් නෙවෙයි
09:30
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් - ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 1000ක්
08:04
Video thumbnail
අපි හැප්පිලා බලමු ලාල් කාන්ත - මරණ සහතිකය ලියලා තමයි යන්නේ
10:13
Video thumbnail
160වෙනි පොලිස් සැමරුම වෙනුවෙන් පැවැත්වූ පාපැදි තරඟය - එක පොකුරට කට්ටිය තරඟ නිම කළ හැටි
02:37